දේශීය පුවත්

73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ලංකා ලීඩ් නිවුස් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එතුමා සිය අවධානය යොමු කරණු ලැබුවේ අපේ රණවිරුවන් හා බැඳුන ජිනීවා සමුළුවේ ක්‍රියාකාරීත්වය දෙසටයි.

යසස් ධර්මදාස මහතා සිය හඬ අවදි කරමින්, “අප ලබා ඇති නිදහස අර්ථවත් වෙන්නටනම් අඩුම තරමේ ජිනීවා මානව කොමිසම මගින් අපේ රණවිරුවන්ට එල්ල වී ඇති අභූත යුද අපරාධ චෝදනා වලට පිලිතුරු දී ඔවුන් එම චෝදනා වලින් නිදහස් කර ගැනීමට අපට නිදහස තිබිය යුතුයි. එය අප වෙනුවෙන් ඉටුකරනු ලබන්නේ අප පත්කර යවා ඇති රජය විසිනුයි. එය රජයේ පරම වගකීමයි. එසේ නොමැතිව සම අනුග්‍රහයෙන් ඉවත්වූ පමණින් හෝ මහකොමසාරිස්වරිය එවා ඇති ලිපියට තදින් පිළිතුරක් දෙනවායැයි කීමෙන් හෝ එල්ලකර ඇති නව චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ යැයි පැවසුව පමණින් මෙම ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර ආදී දේශද්‍රෝඉහී නායකයන් විසින් ඇටවූ යහපාලන මරඋගුලෙන් ගැලවීමට තියෙන එකම ක්‍රමය අපේ රණවිරුවන්ගේ නිර්දෝශීභාවය පෙන්වාදීමයි. සැබෑවටම අපේ රණවිරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලයි තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර අතිභක්තියෙන් ස්තුති පූර්වකව කුමනම විවාදයකින් තොරව අපේ රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා පිළිගන්නාවිට අපේ රණවිරුවන් යුද අපරාධ නොකළ බවට වාර්තා හයක් යුද විශේෂඥයින් හා ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ අත්දැකීම් ඇති විනිසුරුවන් විසින් රජයට ලබාදී තිබුනා. ඒ කිසිවක් රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර ප්‍රමුඛ නායකකාරකාදීන් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළේ නැහැ. එයින් අපේ යුද විරුවන්ට හිමිවිය යුතු ස්වාභාවික යුක්තිය ඉටුවීම වැලකී ගියා. රජය මේ තත්ත්වය යටතේ කෝටි ගනනක් වියදම් කරගෙන ජනතාවටත් නිදහසේ රාජ්‍ය උත්සවය බැලීමට නිදහසක් නැතිව ඇති මොහොතක මානවහිමිකම් කොමිසමේ ඊළඟ සැසිවාරය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා ඇති අවස්ථාවක මුළු රටම මානවහිමිකම් කොමිසමේ ඊළඟ තොන්ඩුව කුමක්ද කියා අවිනිශ්චිතව ඉන්නා තත්ත්වයක් තුල කොටින්ම කියනවනම් රජයට යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බැඳීමට නිදහසක් නොමැතිකල කුමන අභිමානවත් ජාතික නිදහසක්ද අපට ඇත්තේ කියන කාරණය බරපතල ලෙස මතුවෙනව.” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More