ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කළ නිවේදනයට අනුව මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ.ජෙකොබ් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් වෙන වෙනම හමුවී සාකච්ඡා පැවත්වූ බව වාර්තා වේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිවේදනයට අනුව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාවේ ඇති කැපවීම පිළිබඳව මන්ත්‍රීවරුන් දෙදෙනා වෙත කරුණු දක්වා තිබෙන බවද වාර්තාවේ.මෙහිදී 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීම සහ පළාත් සභා සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගත් බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයෙකු ලංකා ලීඩ් වෙත පවසා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට අවශ්‍යයවන සියළුම බලවේග ඒකාරාශි කිරීමට ඉතා සියුම් උත්සාහයක යෙදෙමින් සිටින බවයි. ඉදිරියේදී ආණ්ඩුව අස්ථාවර කිරීමට අවශ්‍යය වන මූලෝපාංග සියල්ල අධිරාජ්‍යයවාදී බලවේග පාවිච්චි කිරීමට සූදානම් බව මෙම හමුව මගින් තහවුරු වන බව ඔහු පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...