ඉවතලන කසළ යොදා ගනිමින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසයේ සිට මාතර කොටවිල ප්‍රදේශයෙන් ආරම්භ කර පසුව රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ඒ යටතේ දිනකට කසළ ටොන් 50කින් කිලෝ වොට් 400ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට හැකි වන බව ද විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය.
මාතර දිස්ත්‍රික් මහා නගර සභාව සහ මධ්‍යම පරිසර අධිකාරියේ එකමුතුවෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාරිසරික බලපත්‍ර ලබා දී ඇත.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් වෙනුවෙන් මිලියන 64ක මුදලක් ආයෝජනය කර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී ගැනීමේ සහතික පත් මේ වන විට නිකුත් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...