ඊයේ(02) වරාය සේවක සංගම් විසින් සිය අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අවසන් කරන බව දැන්වීමට සූදානම් කර තිබූ මාධ්‍යය සාකච්ඡාවට ජාතික සංවිධාන නියෝජනය කරමින් සහභාගි වූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ තමන්ගේ හතලිස් පස් වසරක දේශපාලන ජීවිතය තුළ අත්දකින්නට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වරාය සංගම් විසින් සමස්ත ජාතියටම අත්පත් කර දුන් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන් මෙන්ම සමස්ත දේශප්‍රේමී ජනයා නිද්‍රාශීලී වුවහොත් නව වටයකින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දැයට අහිමි කිරීමේ කුමන්ත්‍රණය සිදු විය හැකි බවයි.
තවද ඒ මහතා , වෘත්තීය සමිති 23ක් සහ සමස්ත දෑ හිතකාමි ජනයා පෙරමුණට විත් සමස්ත ජාතියටම ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණය ඒ අයුරින් පිළිගැනීමට නොහැකි සමහර කණ්ඩායම් නැති පර්යන්තයක හිලව්වට කරපු ක්‍රියාවක් දැයි ප්‍රශ්න කරන්නට පටන් ගත් බවද පෙන්වා දුන්නේය. එහිදී වසන්ත බංඩාර මහතා අවධාරණය කළේ මෙම ජයග්‍රහනය වත්මන් රජයේද සුවිශේෂී ජයග්‍රහනයක් බවයි.යම් විදියකින් මෙම සටන පරාජයෙන් අවසන් වූයේ නම් එතැන් සිට සියළු සටන් පරාජයෙන් අවසන් වන බවත් එයම ආණ්ඩුවේ අවසානය වන බවත්ය.
කෙසේ වුවද වසන්ත බංඩාර මහතා අවධාරණය කළේ මෙම සටනේ පරාජිතයන් වන්නේ විපක්ෂයේ කුමන්ත්‍රණකාරි බලවේග සහ ආණ්ඩුව ඇතුළේ වෙස් වලාගෙන සිටින සහ මහ පුටුවල අරක් ගෙන සිටින කුමන්ත්‍රණකාරී බලවේග බවයි. එබැවින් මෙම සටනේ ජයග්‍රහනය පවත්වා ගෙන යාමේ අභියෝගය වරාය වෘත්තීය සමිති වලට මෙන්ම සියළු ශ්‍රී ලාංකිකයන් සතු වන වගකීමක් යැයි අවධාරණය කළේය.
වෛද්‍යය වසන්ත බංඩාර මහතාගේ මාධ්‍යය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...