දේශීය පුවත්

වරාය වෘත්තීය සමිති විසින් කොළඹ වරායේ බටහිර පර්යන්තය BOT ක්‍රමවේදයට ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට අමාත්‍යය මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව විරෝධය දක්වනු ලබන බව වාර්තාවේ.

ඒ අනුව අද (03) පෙරවරුවේ රජයේ තීරණයට එරෙහිව අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් වරාය වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් විසින් සංවිධානය කර තිබුණු බවද වාර්තාවේ.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට මෙන්ම කොළඹ වරාය ආසන්නයේ එම අත්පත්‍රිකා බෙදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වු බව මාධ්‍යය වාර්තා පවසයි.

මේ අතර ‘ද හින්දු පුවත්පත’ පවසන්නේ රජයන් විසින් එළඹි ගිවිසුම් එක්වර අත්හිටුවීමට පියවර ගැනීම රාජ්‍යයන් අතර අර්බුදකාරී තත්ත්වයන් හටගැනීමට හේතුවිය හැකි බවට ඉන්දියාව පෙන්වා දී ඇති බවයි.

හින්දු පුවත්පත් වාර්තාව පෙන්වා දෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අදාළ ගිවිසුම නතරකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිසි දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවත් ඒ පිළිබඳ එම රජයන් විසින් දැනුවත් වී ඇත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයෙන් පසුව බවත්ය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 700ක් පමණ වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ.



3 thoughts on “කොළඹ වරාය බටහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට දීමට අමාත්‍යය මණ්ඩලය ගත් තීන්දුවට විරෝධය”

  1. මොනවා, මෙතැනද බටහිර බහලුම් පර්යන්තය තියෙන්නේ? මේ පින්තූරේ හැටියට ඉන්දියාවට වඩා වාසිදායක නැගෙනහිර පර්යන්තය නෙමෙයි, බටහිර පර්යන්තය. අයියෝ හූඌ රාජපක්ෂලා හැමෝවම හොඳට අන්දලා. පව් අර වෘත්තීය සමිතිකාරයෝ. මේක දන්නේ නැත්ද? නැත්නම් දැනගෙන ලණුව ගිල්ලද?

  2. හිතවත් චම්පා, රතු පාටින් ලකුනු කර තිබෙන්නේ මෙතෙක් වරායේ හදපු නැති කොටස්. ඒ අනුව පෙනෙනවා බටහිර පර්යන්තය කියල කොටසක් කොළඹ වරායේ නැහැ කියල. බටහිර පර්යන්තය ඉන්දියාවයි ජපානයයි මේ කපේදී හදන්න එන්නේ නැහැ. ඒ ආවත් නැගෙනහිරට කරපු දේම කරන්න පුළුවන්. බය වෙන්න එපා. සේවක එකමුතුවට සහ ඔයාල වගේ අය හරියට සංවිධානය වුනොත් බටහිර පර්යන්තයට එන අයවත් එලවන්න පුළුවන්. අපට තියෙන්නේ නැගෙනහිර පර්යන්තයේ හදපු නැති කොටස් ඉක්මනින් හදා ගන්න එක.

    1. මොන පිස්සුද, යාළුවා, මේක චන්දෙට ඉස්සෙල්ලම ඉන්දියාව එක්ක කරපු සැලැස්මක්. මේකේ සැලැස්ම බලපුවහම පේනව නැගෙනහිර පර්යන්තයේ trans-shipment trade එක සම්පූර්ණයෙන්ම මේ බටහිර පර්යන්තයට ගන්න පුළුවන් විදිහට මේක සැලසුම් කරලා තියෙන්නේ කියලා. දවස් කීපෙකට ඉස්සෙල්ල මම වෙන තැනක ලිව්වා ඉන්දියාව, ඉන්දුනීසියාවේ Sabang වරාය මීටර් 40ක් ගැඹුරුට හාරලා එතන deep water terminal එකක් කරන්න යනව කියල. දැන් මේ බටහිර පර්යන්තය සැලසුම් කරලා තියෙන විදිහට අර ඈත Sabang වරාය ඉන්දියාවට ඕනේ නැහැ. මෙතන පුළුවන් ඒක කරන්න. මීටර් 40ක් ගැඹුරු බහලුම් පර්යන්තයක් ඉන්දුනීසියාවේ හදන්න ගිය ඉන්දියාව, මීටර් 18ක එකකට නොඑන්න හේතුව මොකක්ද?
      මෙන්න බලන්නකෝ මේ ලින්ක් එකේ බටහිර පර්යන්තය සැලසුම් කරලා තියෙන හැටි.
      https://www.researchgate.net/figure/Colombo-South-Harbour-showing-the-main-breakwater_fig1_273144005
      .
      මේකේ තියෙන විදිහට බටහිර පර්යන්තය හදපුවහම දැනට නැගෙනහිර පර්යන්තයට එන සියලු trans-shipment ships යන්නේ බටහිර පර්යන්තයට. ඊට පස්සේ නැගෙනහිර පර්යන්තය නිකම්ම නිකම් container terminal එකක් විතරක් වෙනවා.
      මට පෙනෙන විදිහට බටහිර පර්යන්තය ඉන්දියාවට දීමේ අවාසි දෙකක් තියෙනව. 1). දැනට නැගෙනහිර පර්යන්තයට හිමි, අති විශාල විදේශ විනිමයක් රටට ගෙනෙන trans-shipment වෙළදාම සම්පූර්ණයෙන් අහිමි වීම 2). transit නැව් වලින් අය කරන tariff එකත් ලංකාවට අහිමිවීම.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More