දේශීය පුවත්

මෙවර පැවැත්වීමට නියමිත 73 වන නිදහස් උත්සවයට විරෝධය පළකරමින් දෙමළ දේශපාලන පක්‍ෂ සහ දෙමළ ඩයස්පෝරාව විසින් අද (03) දින නැගෙනහිර පළාතෙන් ආරම්භ කර ලබන 06 වැනිදා යාපනය නගරයෙන් අවසන් කිරීමට නියමිත උතුරේ සහ නැගෙනහිර දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම විරෝධතා රථ පෙළපාළිය අද පොතුවිල් නගරයෙන් ආරම්භ කිරීමට නියමිත වන අතර ඒ සඳහා දෙමළ ඩයස්පෝරාව සියලූ මූල්‍ය පහසුකම් ලබාදෙන බව ද වාර්තා වෙයි.

පොතුවිල්වලින් ආරම්භ වන විරෝධතා රථ පෙළපාළිය යාපනය නගරය දක්වා ගමන් කරන අතර එය ලබන 06 වැනිදා පැවැත්වෙන දැවැන්ත විරෝධතා පෙළපාළියකින් සහ රැස්වීමකින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.

අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම දැවැන්ත විරෝධතා පෙළපාළිය නතර කිරීමට කටයුතු කරන බවත් කොවිඩ් – 19 වෛරසය රටපුරා ශීඝ‍්‍ර ලෙස පැතිරයමින් තිබියදී මෙවැනි විරෝධතා පෙළපාළි පැවැත්වීම නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් වන බැවින් එය නතර කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවත් ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

උතුරේ දෙමළ දේශපාලනඥයන් කීප දෙනෙකු විසින් මෙම දැවැන්ත විරෝධතා පෙළපාළියේ සංවිධාන කටයුතු සිදු කරමින් සිටින බවද වාර්තා වන අතර මෙම රථ පෙළපාළියට එක්වී රජයට සහ 73 වන නිදහස් සැමරීමේ උත්සවයට විරෝධය පළ කිරීමට එක් වන ලෙස ඔවුන් යාපනයේ සිවිල් වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද හෙළිවී ඇත.

සිංහල ජනතාවට හිමිවී ඇති නිදහස උතුරේ දෙමළ ජනතාවට හිමිවී නැති බවට ප්‍රචාරය කරමින් ඊට විරෝධය පළ කිරීමට මෙම පෙළපාළිය පැවැත්වීමට දෙමළ දේශපාලන පක්ෂ සහ ඩයස්පෝරාව කටයුතු කරමින් සිටින බවද වාර්තාවෙයි.

කෙසේ වෙතත් මෙම පෙළපාළිය හේතුවෙන් මාර්ග අවහිර වීමක් හෝ මහජනතාවට පීඩාකාරී තත්ත්වයක් ඇති වුවහොත් එය නතර කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවත් පොලිසිය පවසයි.
(දිවයින පුවත් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More