දේශීය පුවත්

මහජනතාවට පීඩා වන අයුරින් ගස්ගල්, තාප්ප වලට මුවාවී ක්ෂණිකව පාරට පැන රථවාහන නවත්වන ක‍්‍රමය පොලිසියෙන් ඉවත් කරනවා යැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ජනවාරි 31 දින අමාත්‍යවරයාගේ නිවසේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට මෙවර අයවැයෙන් ලැබූ ප‍්‍රතිපාදන වලට අමතරව රුපියල් මිලියන දෙදහස් පන්සියයක් දිවයිනේ ඇති සියලූම පොලිස් ස්ථානවල ඇති යටිතල පහසුකම් නැංවීම සඳහා ලැබී තිබෙන බවත් මහජනතාවගේ ආරක්ෂාව තව තවත් තහවුරු කිරීම අරමුණු කරගෙන පොලිස් සේවයේ උන්නතිය සඳහා විශාල වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කළ බවත් ඔහු එහිදී පැවසීය.

“පොලීසියෙන් ගෞරවනීය සේවාවක් ලබා ගැනීමට නම් පොලිස් නිලධාරීන්ගේ සේවයත් ගෞරවනීය ලෙස සැලකිය යුතුයි. පොලිස් ස්ථානවල ඇති සියලූම යටිතල පහසුකම් නංවා වැඩි දියුණු කළ යුතු වෙනවා. සමහර පොලිස් ස්ථානවල හරිහැටි වැසිකිළි කැසිකිළි පහසුකම්වත් නෑ. වතුර බොන්න පයිප්පයක් වත් නැති පොලීසි තිබෙනවා. රාජකාරි සඳහා පිට පළාත්වලින් එන පොලිස් නිලධාරීන්ට ආහාර ගන්න වෙලා තියෙන්නෙ වැඩි මිලට කඩවලින්. මේවාට ඔවුන්ට හරිහැටි මිළ මුදල් නෑ. මේවාට පිළියම් ලබාදිය යුතුයි. මේ නිසා පොලිස් සේවය සඳහා අරක්කැමියන් බඳවා ගැනීමත් සිදු කරනවා.

පොලිස් නිළධාරීන්ගේ නිළතල උසස්වීම් වසර ගණන් පමා වී තිබෙනවා. සමහර පොලිස් සැරයන්වරු, පොලිස් කොස්තාපල්වරු වසර පහළොව විස්ස එකම නිළයේ සිටිනවා. ඔවුන්ගේ මානසිකත්වය පිරිහී නොයන්නට ඔවුන්ගෙන් ගෞරවනීය සේවයක් ලබා ගැනීමට සියලූම සුදුස්සන්ගේ නිළතල උසස් කරනවා.

සියලූම පොලිස් ස්ථාන ආවරණය වන අයුරින් ග‍්‍රාමීය ආරක්ෂක කමිටු පිහිටුවා ග‍්‍රාමීය වශයෙන් ඇති සියලූ දූෂණ අපරාධ මැඬලීමේ වැඩපිළිවෙළකුත් මේ අලූත් වැඩපිළිවෙළින් කි‍්‍රයාත්මක කරනවා” යනුවෙන් අමාත්‍යවරයා දීර්ඝ විස්තරයක් සිදු කළේය.

(දිවයින පුවත් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More