කිළිනොච්චිය පුස්තකාලය අසල පිහිටි යුධ හමුදාව විසින් කාලයක් භාවිත කොට ආපසු එය භාර දී ඇති ඉඩමක් ඇතුළු කිළිනොච්චියේ සිටින යුධ හමුදා බළඇණිවලට අවශ්‍ය ඉඩම් ලබා ගැනීම සඳහා කරච්චි ප‍්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවක් දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ළිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා විසින් පෙරේදා (01) දින ප‍්‍රතික්ෂේප කොට තිබේ.
මෙම ඉල්ලීම යුධහමුදාව විසින් කරච්චි ප‍්‍රාදේශීය සභාවට යොමුකොට තිබූ අතර ප‍්‍රාදේශීය සභාව රැස් වූ අවස්ථාවේදී එම යෝජනාව ඉදිරිපත් වීමෙන් පසුව මන්ත‍්‍රීවරයා ඊට දැඩි විරෝධය පළකොට තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...