ඊයේ (02) දින කම්කරු අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු පියවරගන්නා බවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලියාපදිංචි වී විදේශගතව සිටින ශ්‍රමිකයින්ට ආපසු පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අපහසුතා තිබේනම් ඒ පිළිබඳ සොයාබලා කාර්යාංශයේ මැදිහත්වීමෙන් ටිකට්පත් මිලදීගෙන ඔවුන්ට ලබාදීමට කටයුතු කරන ලෙස තමා අවශ්‍ය දැනුම්දීම් සිදුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
එහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා “මම කාර්යාංශයට නියෝග කළා. කාර්යාංශයේ ලියාංදිංචිවෙලා විදේශගත වූ ශ්‍රමිකයෙක් වේ නම් ඔහුගේ පවුලේ සාමාජිකයනුත් සිටී නම්, ඔවුන්ට එවැනි ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේ අපහසුතාවයක් තිබේ නම් කාර්යාංශය මගින් වහාම ඒ රටේ ඒ සියලුදෙනාමට ගුවන් ටිකට්පත් ලබා දෙන්න කටයුතු කරන්න කියලා. මේ විදේශ ශ්‍රමිකයන් වැඩි වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට ගුවන් යානා පහසුකම් සකස් කරලා දෙන්න අපිට පුළුවන්. ටිකට්පත් අරන් දෙන්න පුළුවන් අපිට. නමුත් මෙතන තියෙන කරුණ තමයි දවසකට 1000ක් ගෙනාවොත් නිරෝධායනය කිරීමේ ඉඩකඩ තියෙනවාද? මම ඒ නිසා කාර්යාංශයට දැන්වුවා නිරෝධායනය කිරීමේ පහසුකම් වැඩි කිරීමටත් උදව් කරන්න කියලා,” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...