මුලතිව් මුල්ලියාවලි පොලිස් වසමේ කලාමුරිප්පු රක්ෂිතයේ දළ ඇතෙකුට වෙඩි තබා ඝාතනය කොට දළ කපාගෙන ගිය මුල්ලියාවලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 32 ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලියාවලිපොලීසිය පවසයි.
අඩි 08 ක පමණ උසින් යුතු වයස අවුරුදු 20 පමණ වූ අදාල දළ ඇතාට කලාමුරිප්පු රක්ෂිතයේදී මෙරට නිශ්පාදිත ගිනිඅවියකින් හිසට වෙඩිතබා ඝාතනය කොට ඇතාගේ දළ දෙක කපාගෙන ගොස් තිබුණ අතර පොලීසිය සහ මුලතිව් වනජීවි නිලධාරීන් විසින් සිදු කල පරික්ෂණයකදී දළ දෙක විකිණීමට සැලසුම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරුවන් සතුව තිබී කියතක්, මෙරට නිශ්පාදිත ගිනිඅවියක් සහ පොරවක් සොයාගනු ලැබ ඇති අතර සැකකරුවන් සතුව තිබූ අඩි 4 ක පමණ දිගින් යුතු දළ දෙක සහ මිය ගිය ඇතාගේ සිරුරේ තිබූ ඉතිරි දළ කොටස් ගැලපීමේදී සොයාගත් දළ දෙක මිය ගිය දළ ඇතාගේ දළ දෙක බවට අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට මුල්ලියාවලි පොලීසිය විසින් පියවර ගෙන ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...