05 වන ඉංජිනේරු සේවා බලකා සෙබලුන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීමට නියමිත; යාපනය කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ චෛත්‍යට සහ ආරාමය ඉදිකිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම පසුගිය ජනවාරි 30 වන දින සිදුවිය.
අඩි 100 ක් උසකින් යුතු චෛත්‍ය සහ ආරාමය ඉදිකිරීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්ප පීඨයේ සිසුන් විසින් ඉදිකිරීමේ සැලසුම ලබා දී ඇති අතර එම විශ්වවිද්‍යාලයේ මහාචාර් ය සමිතා මානවඩු සහ මහාචාර් ය නිමල් ද සිල්වා යන අය විසින් තාක්ෂණික විශේෂඥ දැනුම ලබා දෙනු ලබයි.
ක්‍රි.පූ තුන්වන සියවසේ දේවානම් පියතිස්ස රජසමයේදී සංඝමිත්තා තෙරණීන් වහන්සේ ශ්‍රීමහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කොට යාපනයේ සිට අනුරාධපුර දක්වා වැඩම කල අතරවාරයේ විවේක ගැනීම සඳහා මෙම තිස්ස රජමහා විහාරයේ නවාතැන් ගෙන ඇති බවට ඉතිහාස බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.
චෛත්‍ය සහ ආරාමය ඉදිකිරීම සඳහා මුදල් ප්‍රතිපාදන බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් ලබාදෙන අතර මුල්ගල තැබීමේ අවස්ථාවේ ආගමික වතාවත් අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ඇතුලු සංඝයා වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ මෙම අවස්ථාවට යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...