රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගමාලාව නැරැඹීමට එංගලන්තයේ පාපන්දු ක්‍රීඩාලෝලීන් දෙදෙනකු මහ බ්‍රිතාන්‍යයේ සිට රුසියාව දක්වා පාපැදියෙන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටී.
රටවල් 5 ක් පසුකරමින් කිලෝමීටර් 3800ක් දුරක් ගෙවමින් යාමට සූදානම් වන මේ එංගලන්ත ක්‍රීඩාලෝලිහු දෙදෙනා එංගලන්තය සහ ටියුනීසියාව අතර තරගයට පෙර රුසියාවට සේන්දුවීමට බලාපොරොත්තු වෙති.
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගමාලාව නැරැඹීමට යාමට ප්‍රවේශපත් ලබාගත් එංගලන්ත ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස අඩු මට්ටමක පැවැතියත් සිය පාපන්දු කණ්ඩායමට පණටත් වඩා ආදරය කරන ජෙමී මැරියට් සහ මිචෙල් ජෝන්ස් රුසියාවේදී තමන්ගේ වීරයන් දැකබලා ගැනීමට මේ මස 25 වැනිදා හැම්ෂයර් ප්‍රාන්තයේ එම්ස්වර්ත් සිට ගමන් ආරම්භ කරනු ඇත.
මේ දීර්ඝ ගමනේදී ඔවුන් ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය සහ යුක්රේනය හරහා සිය පාපැදි පදවා යනු ඇත. ජූනි මස 18 වැනිදා පැවැත්වෙන එංගලන්තය සහ ටියුනීසියාව අතර තරගයට පෙර රුසියාවට පා තැබීමට හැකිවනු ඇතැයි මේ අපූරු ක්‍රීඩාලෝලීන් දෙදෙනාගේ අදහස වී තිබේ.
පාපන්දු ලෝක කුසලාන තරගමාලාව දැක බලාගැනීමට පාපැදියෙන් යන අතරතුර පිළිකා පර්යේෂණ සඳහා වෙන්වූ බොබී මුවර් පදනමට ආධාර එකතු කිරීමටත් මැරියට් සහ ජෝන්ස් බලාපොරොත්තු වෙති.
“මේක මගේ පෙම්වතියගේ අදහසක්” දැනට බර්ලීනයේ ඉංග්‍රීසි ගුරුවරයකු වශයෙන් කටයුතු කරන 28 හැවිරිදි මැරියට් කියයි.
“ඇයි ඔයා බයිසිකලෙන් යන්න උත්සාහ ගන්නෙ නැත්තේ..? ඇය මගෙන් ඇහුවා. ඒක ඇත්ත තමයි කියලා පස්සේ මටත් හිතුණා.”
“මේ ගමනේදී අපිට සෑහෙන්න අභියෝගතා දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වේවි. නමුත් අධිෂ්ඨානයත්, කැපවීමත් අපි දෙන්නටම ඉහලින්ම තියෙන නිසා වැඬේ සාර්ථක වේවි. හැබැයි ගොඩාක් අය නම් මේ වැඬේ හරියයි කියලා විශ්වාස කරන්නෙම නෑ. ඒ අතරින් උඩින්ම ඉන්නේ මගේ අම්මා” යයි මැරියට් කීවේ සිනාසෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...