වරාය වෘත්තිය සමිති 23ක නියෝජිතයින් හා වරාය සේවකයින් අතර හමුවක් අද(02 ) පෙරවරුවේ අමාත්ය මණ්ඩලයේ තීරණය දැනුම්දීමෙන් පසු නැගෙනහිර පර්යන්තයේදී පැවැත්වීය.
එම හමුවේදී අදහස් දැක්වූ වරාය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසා සිටියේ,”අද නැගෙනහිර පර්යන්තය අපේ පැත්තට ආවාය කියලා කර පහත්කරන් හිටියොත් බටහිර පර්යන්තය හදලා ඉවර කරයි. නැව් ටික එතනට ගන්න පුළුවන්. ඒ නිසා මින් ඉදිරියට අපි සැලැස්මක් ඇතිකර ගන්න ඕනේ. හෙටම අපි පටන් ගන්න ඕනේ ගැන්ට්රි දොඹකර මිලදී ගැනීමේ ක්රියාවලිය. පරිගණක ක්රියාවලිය, සේවක සැලසුම් ආදිය කඩිනමින් ආරම්භ කළ යුතුයි. නැත්නම් අපි මෙතනට වෙලා කයිවාරු ගහයි, බටහිර පර්යන්තයේ වැඩ කරගෙන යයි,” යනුවෙනි.
මේ අතර කැබිනට් මාධ්ය ප්රකාශක, අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මාධ්යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ “කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කමිටුවේ නිර්දේශය වන්නේ නැගෙනහිර ජැටියේ පරිපාලනය සියයට සියයක් වරාය අධිකාරියට ලබාදිය යුතුයි. බටහිර ජැටියේ මූලික කොටස් අප පාලනයේ තබාගෙන අවශ්ය නම් ඉතිරි කොටස් ආයෝජනයට අවසර දීමටයි.” යනුවෙනි.
එම මාධ්යය සාකච්ඡාවේදී සම කැබිනට් මාධ්ය ප්රකාශක, අමාත්ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, “ජනපතිගේ සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශනයට අනුව බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු පෞද්ගලික ආයෝජනය සමග සිදුකරන බව දැක්වෙනවා,” යනුවෙනි.
එහිදී මාධ්යවේදියෙක් බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට 2019 වසරේ ජපානය සහ ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුමට අනුවද නැත්නම් අදානි සමාගම සමග ඉදිරියට ගෙනයාමටද බලාපොරොත්තු වන්නේ යනුවෙන් ප්රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් සම කැබිනට් මාධ්ය ප්රකාශක, අමාත්ය උදය ගම්මන්පිල මහතා, “බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියානු හා ජපාන ආණ්ඩු සමාගම් නම් කරනවා,” යනුවෙන් අවධාරණය කළේය.
එහිදී අමාත්ය මණ්ඩලය අනුමත කළ කොන්දේසි වන්නේ ආයෝජනය කර සංවර්ධනය කරන සමාගමට 85%ක් සහ වරාය අධිකාරියට 15% ක් මෙන්ම ගිවිසුම් කාලය අවුරුදු 35 ක් ලෙස අමාත්යය මණ්ඩලය එකඟ වූ බව යැයි උදය ගම්මන්පිල මහතා පවසා සිටියේය.
වරාය අමාත්යය රෝහිත අබෙගුණ්වර්ධන මහතා පවසා සිටියේ 2035 වනවිට ශ්රී ලංකා වරාය අධිකාරියේ ජාතික සැලැස්ම අනුව උතුරු පර්යන්තයේ දියකඩනය ස්ථාපිත කිරීම තුළින් තවත් පර්යන්ත 3ක් හිමිවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...