දේශීය පුවත්

ඊයේ (01) දින රාත්‍රියේ; සෙට්ටිකුලම් කප්පාච්චි ඇතුලු සෙට්ටිකුලම් රක්ෂිතයේ සිදුවන දැව ජාවාරම් පිළිබඳව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාන්විත රාජකාරියේ නිරත යුධ හමුදා සෙබලුන් පිරිසකට පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුතු පිරිසක් ආයුධ සන්නද්ධව පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව යුධ හමුදා සෙබලුන් විසින් ප්‍රතිප්‍රහාර සිදු කොට ඇත.

එහිදී එක් අයෙකු තුවාල ලබා සෙට්ටිකුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට ඇතුලත් කර ඇත.

ආයුධ සහිතව සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුට ද තුවාල සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වන අතර පලා ගිය පිරිස් සොයා සෙට්ටිකුලම් පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

අදාල පිරිස රක්ෂිතයේ දැව ජාවාරමක නිරතවීමේදී මෙලෙස වෙඩි තබාගැනීම හෝ ක්‍රියාන්විතයේ නිරතවූ යුධ හමුදා සෙබලුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණියේද යන්න පිළිබඳව සෙට්ටිකුලම් පොලීසිය හා යුධ හමුදාව එක්ව වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More