කොළඹ වරාය සම්බන්ධයෙන් නව උපාය මාර්ගික වැඩසටහන ඇතුලත් කැබිනට් පත්‍රිකාව වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර එම කැබිනට් පත‍්‍රිකාව එහිදී ඒකමතිකව සම්මත වී ඇති බව වාර්තාවේ.
එමගින් යෝජනා කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය පූර්ණ ලෙස වරාය අධිකාරිය යටතේ තැබීමටත් ඉදිරි වසර තුනක් ඇතුළත එය වරාර අධිකාරිය යටත් සංවර්ධනය කිරීමටත්ය.
එමෙන්ම බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගම සමග සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත්තේ මීට පෙර CඓCඨ් පර්යන්තය ජාත්‍යන්තර සමාගමකට ලබාදුන් කොන්දේසි වලට යටත්ව වන අතර ඒ අනුව බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට 85%ක් හා ශ‍්‍රී ලංකා රජයට 15%ක් ලෙස සංවර්ධනය කිරීමටද කැබිනට් පත‍්‍රිකාව සම්මත වී ඇති බවට වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...