අතීතයේ චීනයේ සිට යුරෝපය කරා පැවති “සේද මාවත” යාවත්කාලීන කරමින් පුනර්ජීවනය කිරීමේ චීන සැලැස්ම අනුව අරඹා ඇති; චීන සන්නිවේදන තීර සහ මාර්ග [Chinese Belt and Road Initiative (BRI)] වැඩ සටහනේ සමුද්‍රීය සන්නිවේදන ෆයිබර් කේබලය ඇතිරීමේ අවසන් අදියර වන පකිස්තානයේ සිට නැගෙනහිර අප්‍රිකාව දක්වා සම්බන්ධ කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
පකිස්තානයේ අන්තර්ජාල පහසුකම් සපයන දේශීය සමාගම වන සයිබර් නෙට් (Cybernet) සහ චීනයේ හුආවෙයි ( China’s Huawei Technologies) සමාගම අතර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 240ක් වන මෙම ව්‍යාපෘතියට පසුගිය සතියේ පකිස්තාන රජයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව; එය මේ වනවිට පකිස්තානයේ රාවල්පින්ඩි (Rawalpindi) නුවර සිට වරාය නගරයන් වන කරච්චි (Karachi) සහ ග්වඩාර් (Gwadar) අතර කොටසේ එළමින් පවතී.
මෙම ව්‍යාපෘතියේ අරාබි සමුද්‍ර මෙහෙයුම් මධ්‍යස්ථානය (Arabian Sea landing station) කරච්චි නුවර ඉදිකිරීම සහ පකිස්තානු මුහුදු කළාපයේ ෆයිබර් සන්නිවේදන කේබලය එළීම මාර්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඊජිප්තුවේ සිට ප්‍රංශය දක්වා ජාත්‍යන්තර සමුද්‍ර කළාපයේ මෙම කේබලය එළීම මේ වනවිටත් අවසන් කර ඇති අතර කිලෝ මීටර් 15,000ක් වන කේබලයේ සේවාවන් මෙම වසර අවසානයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. මෙම සන්නිවේදන ෆයිබර් කේබලය ඇතිරීම අවසානයේදී; මෙම චීන වැඩසටහනට සහභාගී වන රටවල්, පකිස්තානයේ සිට අරාබි මුහුද හරහා නැගෙනහිර අප්‍රිකාවට සහ යුරෝපීය රටවල් වලට [(Pakistan East Africa Connecting Europe (PEACE)] සම්බන්ධ කිරීමට නියමිතය.
චිනයේ මෙම BRI වැඩසටහන හා සම්බන්ධ වන රටවලට මෙම කේබලය ඍජු සහ කෙටිතම අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදීම මගින් අන්තර්ජාල වේගය වර්ධනය කරන අතර පකිස්තානයේ නිරන්තරයෙන් සිදුවන අන්තර්ජාල සම්බන්ධතා බිඳවැටීමේ ගැටළුවට විසඳුම් ලබාදීමට අපේක්ෂිතය.
එක තීරයක් එක මාර්ගයක්: චීන බළය ලොවට මුණගැසේ (“One Belt One Road”: Chinese Power Meets the World} පොතේ කතෘ එයික් ෆ්‍රෙයිමන් (Eyck Freymann}, පවසන ආකාරයට මෙම BRI වැඩසටහන මගින් මෙම [(Pakistan East Africa Connecting Europe (PEACE)] රටවල් සාම්ප්‍රදායික බැර යටිතල පහසුකම් අතික්‍රමණය කරමින් අධි තාක්ෂණික සහ ඩිජිටල් සේවාවන්ට යොමුවෙමින් පරිණාමය වන්නේය.
2013 වසරේදී චීන ජනාධිපති ක්සී ජින්පින් විසින් ප්‍රකාශිත ඩොලර් ට්‍රිලියන ගණනක මෙම “නව සේද මාර්ග” වැඩසටහන මගින් නැගෙනහිර ආසියාව, යුරෝපය සහ නැගෙනහිර අප්‍රිකාව අතර සහයෝගීතාවය සහ සම්බන්ධතාවය ඉහල නැංවීමට අපේක්ෂිත අතර එමගින් ගෝලීය වෙළඳාම වර්ධනය සහ වෙළඳ පිරිවැය 1/2කින් අඩු කිරීමට ද බළාපොරොත්තුවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...