කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100% වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවයට අනුව සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා “ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 මැයි මාසයේදී එළැඹි ත්‍රෛපාර්ශ්වික එකඟතාවයට අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි ඉන්දීය රජයේ බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම නොයෙක්වර අපහට දන්වා තිබෙනවා. ඒ බව නායක මට්ටමින්ද දන්වා තිබෙනවා. එසේම මීට මාස තුනකට ඉහත දී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද විදෙස් ආයෝජකයින් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගනු ලැබුවා.” යනුවෙන් පවසා සිටියේය.
https://economynext.com/india-bluntly-asks-sri-lanka-to-honour-deal-on-east-container-terminal-78426/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...