කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව අද දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පවසා සිටියේ අග්‍රාමාත්‍යයවරයා කොළඹ වරාය නැගෙනහිර ජැටිය සියයට සියයක් වරාය අධිකාරියේ පාලනය යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද (01) ඉදිරිපත් කරන බවට පොරොන්දු වූ බවයි.
එහිදී මාධ්‍යයට අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසා සිටියේ, අදාළ කැබිනට් පත්‍රිකාවේ නිවේදනය හෙට දිනයේ ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවය.
“අග්‍රාමාත්‍යවරයා අපිට දුන්න පොරොන්දුව හෙට දිනයේ ඉෂ්ඨ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිල නිවේදනය එනතුරු අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත අරින්නේ නෑ. අපි හෙට දිනයේ දී මේ නිල නිවේදනය අපිට ආවට පසුව අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරිනු ලබනවා. ඒ කැබිනට් තීන්දුවේ වෙනදෙයක් තිබුණොත් එහෙම අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරින්නේ නෑ.” යනුවෙන් ප්‍රසන්න කළුතරගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේන් අණතුරුව අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
“ඉන්දියානුවන් විසින් නම්කරන සමාගම සමග සාකච්ඡාවලින් අනතුරුව නැගෙනහිර පර්යන්තය පිළිබඳ සාකච්ඡා ඇති කිරීම සඳහා කමිටුවක් පත්කළා. ඒ අනුව එම කමිටුව විසින් ඊයේ දවසේ දී මට ඔවුන්ගේ වාර්තාව ලබා දුන්නා. පැහැදිලිව පේනවා ඒ ඉදිරිපත් කරන කරුණුවලට ඉන්දියාව එකඟ නොවන බව. ඔවුන්ගේ වාර්තාව සම්බන්ධව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග මම සාකච්ඡා කළා. ඒ අනුව නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා හා අගමැතිවරයා උපදෙස් ලබාදුන්නා.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...