විල්පත්තු වන රක්ෂිතයේ ආශ්‍රිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සදහා එළිපෙහෙළි කළ ඉඩම් වෙනුවෙන් තමාගේ වියදමින් නැවත වන වගාවක් සිදු කරන ලෙසට නියෝග කරමින් ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් තමාට එරෙහිව ලබා දුන් අභියාචනාධිකරණ නියෝගය නීතියට පටහැනි බවත්, එම නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.
ආබ්දීන් නීතීඥ සමාගම මගින් රිෂාඩ් බදියුදීන් මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය , මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්, පරිසර ඇමැති, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
අදාළ අභියාචනාධිකරණය නඩු විභාගයේ නඩු නිමිත්තේ සඳහන් කාල සීමාව තුළ තමා නිවාස ඉදිකිරීම් හෝ, වන සංරක්ෂණය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බවද පෙත්සම මගින් පෙන්වා දේ.
කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු නොකළ බවත්, එලෙස තමා විල්පත්තු රක්ෂිතයට මායිම් පෙදෙස්වල එළිපෙහෙළි කොට නැවැත පදිංචි කිරීම් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද බදියුදීන් මහතා සිය ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනයේ සඳහන් කර ඇත.
එබැවින් ඉකුත් නොවැම්බර් 16 වැනිදා ලබාදුන් එකී අභියාචනාධිකරණ තීන්දුව බළරහිත කරන්නැයි ද අභියාචක පෙත්සම්කාර රිෂාද් බදුද්දීන් මහතා කියා සිටී.
මෙම වන විනාශයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය කරන ලදී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...