දේශීය පුවත්

“සොරි කවුද දිනුම්” යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිනිගත්හේන සමුපකාර ශාලාවේ ඊයේ (31) දින සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ; ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක අධිකරණවල අදානි සමාගමට එරෙහිව නඩු විභාග වෙමින් පවතින බවත්, එවන් සමාගමකට අපේ රටේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබා දීමට රජය කටයුතු කරමින් සිටීම සැක කටයුතු බවත්ය.

මෙහිදීවැඩි දුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ නැගෙනහිර පර්යන්තය ලබා නොදෙන බවට රජය ප්‍රකාශ කර බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමට ලබාදිමේ සුදානමක් ද ඇති බවත් ඉන්දියාවෙන් පරිත්‍යාග කරන ලද කොවිඩ් මර්ධන එන්නත එන්නත් කරගෙන එම එන්නතට නිර්වින්ධනය නොවි රටේ සම්පත් විකිණිමට එරෙහිව සියලු දෙනා පෙල ගැසිය යුතු බවත්ය.

මේ රටේ 69 ලක්ෂයක බහුතර ජනතාවක් එක් වී රට රැකීමට රජයක් පිහිටුවා ගත් බවත්, එම රජය විසින් මේ රටේ ජාතික සම්පත් විදේශිකයන්ට අලෙවි කිරීමට කටයුතු කරන බවත්, එම ජාතික සම්පත් මෙන්ම රටේ වන සම්පත් ඇතුළු ඉඩම් ද රැක ගැනීමට මේ රටේ ජනතාව එක්විය යුතු බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More