ඉන්දියානු ව්‍යාපාරික ගෞතම් අදානිට හා ඔහුගේ සමාගමට විරෝධය පළ කරමින් ඊයෙ(31 ) දිනයේත් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී දැඩි විරෝධතා පැවැත්වීමට ඉන්දීය ගොවියෝ කටයුතු කළහ. ගෞතම් අදානි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සඳහා හවුල් කරගැනීමට යෝජනා වී ඇති ඉන්දීය හවුල් කරුවායි.
එම විරෝධතා මේ වන විට තව තවත් තීව්‍ර වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.ඉන්දීය කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පැවති පනත් තුනක් සංශෝධනයට ඉන්දිය ආණ්ඩුව පියවර ගැනීම ඉන්දිය ගොවීන් ගෙනයන දැවැන්ත විරෝධතා මාලාවට හේතුව වී ඇති බව පැවසේ.
දේශපාලන විශ්ලේෂකයන්ට අනුව ඉන්දීය ගොවීන්ගේ මෙම විරෝධතාවයට හේතු වී ඇත්තේ ගොවි ජනතාව කෙරෙහි රාජ්‍ය වෙත පැවරී තිබූ වගකීම සහ ආරක්ෂාව මෙම නීති සංශෝධනය හරහා ලිහිල් වීම බව පැවසේ.
ඉන්දීය ගොවියන් චෝදනා කරන්නේ ගොවි ජන පනත් සංශෝධනයේ වාසිය ලබා ගනිමින් ඉන්දිය ධන කුවේරයන් වන මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි කෘෂිකර්මාන්තයට අතපෙවීමට සූදානම් වන බවත් එමගින් ඔවුන් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවි ජනයා සූරා කෑමට ලක් කරනු ඇති බවත්ය.
ඊයේ වනවිටත් මේ සම්බන්ධයෙන් නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන විරෝධතා ක්‍රියාත්මකය.
මෙතෙක් පැවැත්වූ විරෝධතා වල උච්චතම අවස්ථාවට පැමිණෙමින් නව දිල්ලි නුවර සමීපයට ඒකරාශී වී සිටින ගොවි නායකයින් එක් දිනක උපවාසයක්ද පැවැත්වූයේ පනත් සංශෝධන හකුළා ගැනීමට රජයට බලකරමිනි.
ඉන්දීය ගොවීන් ඉන්දීය නිදහස් සටනේ පියා ලෙසින් සැලකෙන මහත්මා ගාන්ධිගේ අනුස්මරණ දිනයට සමගාමීව උපවාසය සංවිධානය කර තිබීමද විශේෂත්වයකි.
ඉන්දීය රජය ගොවි උපවාසය සඳහා තවදුරටත් ජනතාව ඒකරාශීවීම වැළැක්වීමට නව දිල්ලි අගනුවර යාබද කලාප තුනක අන්තර්ජාල පහසුකම් තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණු බව ඉන්දීය මාධ්‍යය වාර්තා පවසයි. රජයේ පාර්ශවයෙන් කෙතරම් මර්ධනයක් එල්ල වුවත් ගොවි ජනතාව සිය අරගලය දිනන තෙක් අත්නොහරින බව පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...