දේශීය පුවත්

අමාත්‍යය උදය ගම්මන්පිල මහතාගේ මාධ්‍යය ඒකකය විසින් අමාත්‍යය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවැති මාධ්‍යය සාකච්ඡාවෙන් පසුව මාධ්‍යය නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදි උදය ගම්මන්පිල මහතා අවධාරණය කරනේ ඉන්දියාවට ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නොමැතිව තම භාන්ඩ ප්‍රති අපනයනය කිරීමට වෙනත් වරායක් නොමැති හෙයින් ඔවුන් ශ්‍රී ලංකාව අත හැර නොයන බවයි.
සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්…

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවටම ලබාදිය යුතුයැයි ප්‍රධාන තර්ක දෙකක් ගෙන ආවා. ඉන් එකක් තමයි අපට මේක හදා ගන්නට සල්ලි නැහැ කියන එක. මීටර 1320 ක දිගින් යුතු මෙහි මීටර 440ක් අප හදා ගත්තේ සමස්තය හැදීමේ ඉලක්කය ඇතුවයි. පසුගිය ආණ්ඩුව මේක නතර කළේ නැත්නම් මේ වන විටත් වරාය අධිකාරියේ අරමුදල්වලින් ම මෙම පර්යන්තය හදලා ඉවරයි. වරාය අධිකාරියට මුදලුත් නැත්නම් ණයක් දෙන්න බැංකුවකුත් නැත්නම් අපි ලෑස්තියි ඒක කොටස් වෙළඳපළට ගෙනල්ලා මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ සල්ලි වලින් අවශ්‍ය අරමුදල් ටික එකතු කරගන්න.

තවත් සමහරෙක් තර්කයක් විදිහට ගේනවා අපේ කොළඹ වරායේ සමස්ත වෙළඳාමෙන් 55% ක් එහෙමත් නැත්නම් ප්‍රති අපනයන වෙළඳාමෙන් තුනෙන් දෙකක් කරන්නේ ඉන්දියාව. ඒ නිසා ඉන්දියාව තරහ වුණොත් අපේ අපනයන වෙළඳපොළ අහිමි වෙයි කියලා. ඇත්ත කතන්දරය ඉන්දියාව කොළඹ වරායේ ප්‍රති අපනයන වෙළදාම කරන්නේ ලංකාවට තියෙන ආදරයක් හන්දා නෙවෙයි. ඉන්දියාවේ කිසිදු වරායකට දැවැන්ත නැව් යන්න බැරි ආකාරයෙන් වැලි පිරෙන නිසයි. ඒ නිසා ඉන්දියාව අපිත් එක්ක තරහා වෙලා මේ ප්‍රති අපනයන වෙළඳාම ගෙනයන්න ඉන්දියාවේ වරායක් නෑ කියන එක ඉතාම වගකීමෙන් කියනවා.

මේ වන විටත් ඉන්දියාව ඉදිකරමින් පවතින විසින්ජම් වරාය හෝ නිකබෝ වරාය වැලි පිරෙන එකෙන් වලකා ගෙන සාර්ථක වුවහොත් ඔවුන් ප්‍රතිඅපනයන වෙළදාම කොහොමත් රැගෙන යනවා. ඒ හැරුණු කොට නැගෙනහිර පර්යන්තය ලබා නොදුන්නා කියන පදනමින්නම් ඉන්දියාවට කොහොමවත් සිය වෙළඳාම ගෙනියන්නට වෙනත් තැනක් නැහැයි කියන එක අප ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More