දේශීය පුවත්

රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා පෙරේදා (29) දින “දිවයින” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇත්තේ; කොළඹ වරායේ නැගෙනහිර ජැටිය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යෑමට ගෙන ඇති තීරණයට රටේ මහා සංඝරත්නය ඇතුළු බහුතරය විරෝධය දක්වන්නේ නම් එය බලහත්කාරයෙන් කි‍්‍රයාවට නැංවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පවසන ප‍්‍රධාන චෝදනාව වන “විකිණීම” යන වචනය සහමුලින්ම වැරදි අර්ථකථනයක් වන බවද පැවසූ හෙතෙම, හම්බන්තොට වරාය අනූනව අවුරුද්ද බැගින් දෙවතාවකට පවරා දී තිබීම විකිණීමකට සමාන අර්ථයක් නොවන්නේ දැයි ප‍්‍රශ්නකර සිටීමට කැමැති බවද සඳහන් කළේය.

කොළඹ වරාය නැගෙනහිර ජැටිය සංවර්ධනය වෙනුවෙන් වන යෝජනාව පසුගිය රජය ගත් තීරණයක් අනුව කි‍්‍රයාත්මක වීමට යෝජිතව තිබූ බවද පැවසූ රාජ්‍ය ඇමැතිවරයා වත්මන් රජය එය ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කළේ හවුල් ව්‍යාපාරයක් ලෙස මිස සින්නක්කර පවරා දීමකට නොවන බවද සඳහන් කළේය.

ඉන්දියාව සමඟ නැගෙනහිර ජැටිය සංවර්ධනයට රජය යොමුවන්නේ නම් එය සිදු කරනු ලබන සමාගම අදානි ද වෙනත් නමක් ද යන්න තීරණය කරනු ලබන්නේ ඉන්දියානු රජය විසින් යැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට අවශ්‍ය නොවන්නේ නම් පවතින තත්ත්වයෙන් පවත්වාගෙන යා හැකි බවද සඳහන් කළ හෙතෙම එය සංවර්ධනය කරන්නේ නම් කිසිවකු පවසන ආකාරයෙන් මෙරටට පමණක් කළ නොහැක්කක් යැයි ද කියා සිටියේය.
වරාය සේවකයන් හෝ වෙනත් කිසිවකු පවසන ආකාරයෙන් ජැටිය සංවර්ධනය කළ නොහැකි බවත් ඒ වෙනුවෙන් මුදල් ප‍්‍රතිපාදන සම්පාදනය කර ගැනීමට නම් විකිණීමක් හෝ බදු දීමක් නොවන හවුල් ව්‍යාපාරයකට යා යුතු බවත් ඒ මහතා පැවසීය.

ජැටිය සංවර්ධනය කළ හැකි විකල්ප ක‍්‍රමවේද ඇතිනම් ඒවා පෙන්වා දෙන ලෙස වරාය සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවද අමුණුගම පැවසීය.

වත්මන් තත්ත්වය හමුවේ වරාය ජැටිය සංවර්ධනය සඳහා කවුරුන් සමග හෝ හවුල් ව්‍යාපාරයකට එළැඹීමට වත්මන් රජය තීරණය කර ඇත්තේ පක්‍ෂ සංවර්ධනය කර ගැනීමට හෝ කොමිස් කුට්ටි ලබාගැනීම වෙනුවෙන් නොවන බවද සඳහන් කළ රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා මෙය විශාල අවුලක් වන්නේ නම් එය අතහැර දැමීමට ද රජය පසුබට නොවන බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More