තංගල්ලේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ කොළඹ වරායේ නැගෙහිර ජැටිය විකිණීමක් හෝ බදු දීමක් නොකරන බවයි.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා,
“ඇත්ත වශයෙන්ම විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි කාටවත් දෙන්නේත් නැහැ. විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්තීය සමිතිත් ඒක දන්නවා. අපි පැහැදිලිවම කියන්නේ අපි ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ දෙනවා කියලා. ඒ නිසා ඒක ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. වැඩ වර්ජනය කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වානම් මම ඇත්තටම පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ සීයයට 99ක් ඉන්නේ විකුණන්න ඕනේ නැහැ කියන මතයේ. මේ දෙපළ විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයිනේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාකිත පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි අපිට බලය දීලා තියෙන්නේ.“ යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...