සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නින්ග් සයිඞ් ප‍්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ද වනාන්තර ප‍්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප‍්‍රධාන අලි මංකඩ වන මාණික්කවත්ත, බෝවිටියතැන්න අලි මංකඩ අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් වනාන්තර එළිකර හෝටල් දෙකක් ඉදි කිරීම මේ වන විට සිදු කරමින් පවතී.
රත්නපුර දිස්ති‍්‍රක්කයේ කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ද ග‍්‍රාම නිලධාරී වසමේ අක්කර 7 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් එළිකර කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරුගේ බෑණනුවන් විසින් එක් හෝටලයක් ඉදිකරමින් පවතී. මෙම ඉදිකිරීම සඳහා කලවාන ප‍්‍රාදේශීය සභාවෙන් පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් අනුමැතිය ලබා දී ඇත. මේ වන විට බැකෝ යන්ත‍්‍ර භාවිතා කර වනාන්තර එළි කිරීම, භූමිය සකස් කිරීම හා ගොඩනැගිලි ඉදිකිරීම සිදු කරමින් පවතී.
අනෙක් හෝටලය ඉදිකරමින් තිබෙන්නේ බෝවිටියතැන්න අලි මංකඬේ ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප‍්‍රදේශයේ අක්කර 8 ක පමණ වනාන්තර භූමියක් එළිකරමින් ගොඩකවෙල, රාජපක්ෂ නම් ව්‍යාපාරිකයකු විසිනි.


සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනාගේ ප‍්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදිකර අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ, ඇල්ලගම, හන්දියෙකඬේ ගම්මානය, කජුගස්වත්ත, පොතුපිටිය, කෝපිකෑල්ල හා සයිප‍්‍රස්වත්ත යන ගම්මානවලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජනවලට හා වගා බිම් හා දේපල හානි කිරීම්වලට මුහුණ දීමට සිදු වනු ඇත.
සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප‍්‍රමාණයක් රක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත්කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබිය දී මේ ආකාරයෙන් වනාන්තර එළිකිරීම හා හෝටල් ඉදිකිරීම ව්‍යාපාරික බලය හා දේශපාලන බලය භාවිතා කරමින් සිදු කරමින් පවතී.
1988 අංක 3 දරණ ජාතික උරුම වන භූමි පනතේ 2 වන වගන්තියට අනුව 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරණ ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 11,187 ක වනාන්තර ප‍්‍රදේශයක් සිංහරාජ ජාතික උරුම වන භූමිය ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.
2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2019 නොවැම්බර් 20 දින අංක 2150/31 දරණ ගැසට් නිවේදනය මඟින් සිංහරාජ ජාතික උරුම වන භූමිය හා ඒ වටා පිහිටි වනාන්තර හෙක්ටයාර 36,475 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර විශාල වනාන්තර පද්ධතියකට ආරක්ෂාව ලබා දී ඇත.
මීට අමතරව මෙම රක්ෂිත ප‍්‍රදේශ ආවරණය වන භූමි ප‍්‍රදේශ හා ඒ වටා කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. ඊට හේතුව මේ කලාපය කඳුවැටි සහිත නායයෑමේ අවදානමක් පවතින කලාපයක් වීම ය.
මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදුකරන ඕනෑම සංවර්ධන කි‍්‍රයාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතුව යම් සංවර්ධන කි‍්‍රයාවලියක් මඟින් රක්ෂිත වනාන්තර පද්ධතියේ පැවැත්මට හා එහි ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට මෙන්ම ජල පෝෂක වනාන්තර පද්ධතියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල විය හැකි බැවිනි.
සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළිකර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට අනුව අනුමැතිය ලබාගත යුතු ය. නමුත් වනාන්තර අක්කර 7 ක් හා 8 ක් එළිකර සිදු කරන මෙම හෝටල් ඉදිකිරීම්වල දී කිසිදු පාරිසරික අනුමැතියක් ලබා ගෙන නොමැත.
එපමණක් නොව එම ගැසට් නිවේදනයේම දැක්වෙන ලෙස ජාතික උරුම වන භූමියක් ලෙස ප‍්‍රකාශිත ප‍්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතරව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශයට පත් කළ යම් ප‍්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. ඒ අනුව මෙම සියලූ වනාන්තර එළිකිරීම් හා හෝටල් ඉදිකිරීම් සිදු කරන්නේ නීති විරෝධී අයුරින් බව තහවුරු වේ.
අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලූ කි‍්‍රයාවලට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු කි‍්‍රයාවලියට යටත්ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව නීති විරෝධීව ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහෙස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් කළ හැකි ය.


ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දස වන පරිච්ඡේදයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් අද වන විට සිදු කරන සියලූ පරිසර විනාශයන් හමුවේ ජනතාවගේ බදු මුදල්වලින් වැටුප් ලබන මධ්‍යම පරිසර අධිකාරියේ සියලූ නිලධාරීන් මුණිවත රකින ආකාරයෙන්ම මෙම විනාශය හමුවේ ද නිද්‍රාශීලීව පසු වීම කණගාටුවට කරුණකි.
මෙවර ජනාධිපතිවරණයේ දී ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්’’ කොටසෙහි සඳහන් වන්නේ ‘‘මිනිසාට මෙන්ම අනෙක් සත්ත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය කි‍්‍රයා කළ යුතු බවය.’’ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිරසර පරිසර ප‍්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ ‘‘වර්තමානයේ සිදුවන බොහෝ මනුෂ්‍ය කි‍්‍රයාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදුවන විනාශය අති විශාලය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ’’ යනුවෙනි. එපමණක් නොව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ භූමිය භාවිතාව පිළිබඳව සඳහන් කර ඇත්තේ ‘‘ශී‍්‍ර ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය කි‍්‍රයාකළ යුතු ය. එලෙසටම තමන් වෙනුවෙන් හඬක් නැඟිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය කි‍්‍රයා කළ යුතු ය’’ යනුවෙන් හා ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ය.
නමුත් මේ සියල්ල උල්ලංඝනය කරමින් ව්‍යාපාරිකයන් සිංහරාජයේ වනාන්තර හා අලි මංකඩ වනසද්දී නිහඬව සිටීමෙන් සිදු වන්නේ සියලූම ජීවීන්ට භූමියට ඇති අයිතිය ව්‍යාපාරිකයන්ට පැවරීම ය. මේ සියල්ලටම එරෙහිව කි‍්‍රයාත්මක වීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව අපට බලය ඇත. එම උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේම යුතුකම වන බව සඳහන් වේ. එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකි යාව ද සෑම පුරවැසියකුටම තිබේ. ඒ අනුව ව්‍යාපාරිකයන් විසින් සිදුකරන ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. එම බලය පුරවැසියන් වන අප භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් සිංහරාජයේ ප‍්‍රධාන අලි මංකඩ හෝටල් ඉදිකර ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන අලි – ඇතුන් ඇතුළු සියලූ ජෛව ප‍්‍රජාවට අහිමි කරනු ඇත.
(දිවයින වාර්තාවක් ඇසුරිනි)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...