පස්සර , මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය හා ඒ අවට ගම්මාන කීපයක අද (31) අලුයම 2.56 ට පමණ විශාල ප්‍රමාණයේ භු කම්පනයක් සිදුවූ බවට වාර්තාවේ. එම ප්‍රදේශයේ ගම්වාසින් පවසන්නේ තත්පර 30 ක පමණ කාලයක් එම භු කම්පනය පැවැති බවයි.
මේ අතර මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය හා ඒ අවට ගම්මාන කීපයක ඉකුත් 22 දිනයේදී අලුයම 3.30, 3.38 ට හා අලුයම 3.56 ට මෙවැනිම භු කම්පන තුනක් සිදු වුනු බවටද වාර්තා පළවිය.
තවද භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ වලපනේ ප්‍රදේශයේද සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙන බවයි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතාට අනුව අද (31) අළුයම 03.00ට පමණ වලපනේ ප්‍රදේශයට එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇත.අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක ප්‍රබලත්වයකින් යුක්ත වූ බවද වාර්තාවේ.
අනුර වල්පොල මහතා වැඩිදුරටත් පවසන්නේ මහකනදරාව, පල්ලෙකැළේ සහ හක්මන යන ප්‍රදේශවල ස්ථාපිත කර ඇති භූ කම්පන මානවල එම භූ කම්පනය සටහන්ව ඇති බවයි.
පසුගිය ජනවාරි 22 වන දින ද රිච්ටර් මාපකයේ ඒකක 1.8ක පුබලත්වයකින් යුත් භූ කම්පනයක් එම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණු බවද අනුර වල්පොල මහතා පවසා සිටියේය.
අනුර වල්පොල මහතා අවධාරණය කර සිටියේ මෙවැනි භු කම්පන හට ගැනීමට හේතුව සොයාබැලීම සඳහා විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් පරික්ෂණයක් පැවැත්විමට සැලසුම් කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...