ජනාධිපතිතුමා ඇතුළු රජයට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඉදිරිපත් කරතිබෙන; කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීම, නැගෙනහිර පර්යන්තය දැනට ඉදිකර ඇති කොටස පූර්ණ වශයෙන් වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ඇතුළු වෘත්තීය සමිති යෝජනා හයක් සහ බටහිර පර්යන්තය ද සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඇතුලු රජය අධ්‍යයනය කරමින් සිටින බව වාර්තාවේ.
වරාය අධිකාරියේ සංචිතවල ඇති ඩොලර් මිලියන 250 ක මුදලින් ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර පර්යන්ත කොටස පූර්ණ වශයෙන් ඉදිකිරීමටත් එය වසර තුනක් තුළදී අවසන් කළ යුතු බවට එම යෝජනාවේ සඳහන් වේ. දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය (Sඇඝ්ඨ්) සමග ඇති ගිවිසුම 2029 වසරේදී අවසන් වීමෙන් පසු එම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කිරීමට ද යෝජනා කර ඇත. එහිදී නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය එකවර ලබා ගැනීමට ද යෝජනා කර තිබේ.
මෙම යෝජනාවලියට එකඟ වන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වන බව සඳහන් කරමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, ටක් යාත්‍රා ස්වාධීන සේවක සංගමයේ සභාපති එන්. පී. රූපසිංහ ඇතුළු වෘත්තීය සමිති 22 ක් එම යෝජනාවලියට අත්සන් තබා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...