ප‍්‍රධාන පුවත්

මහ බැංකුව කොල්ලකාපු අය සමෘද්ධි බැංකුවත් කොල්ලකෑමට යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ඊයේ (07) පැවැති ඒකාබද්ධ මැයි රැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කීවේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2020 දී විශ්‍රාම නොයන බව මඩකලපුවේදී ප්‍රකාශ කළා. එතුමා එසේ නොකර ආණ්‌ඩුවේ මේ මොහොතේ හෝ සිටින පිරිස රැකගැනීමට හැකියාවක්‌ නැතැයි ද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

මේ ආණ්‌ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි මැයි 1 වැනිදා සමරන්න තිබුණු ලෝක කම්කරු දිනය මැයි 7 වැනිදාට කල් දාපු එක ඒවගේම කියන්න ඕනෑ සුද්දගේ කාලයේ ටොරින්ටන් ආණ්‌ඩුකාරයා තමයි මේ රටේ වැඩිම බදු ගහපු කෙනා. ඊට පස්‌සෙ වත්මන් යහපාලන ආණ්‌ඩුව තමයි වැඩිම බදු ගහපු ආණ්‌ඩුව විදියට හඳුන්වන්න පුළුවන් බව හිටපු ජනාධිපතිවරයා කීවේය.

ඉතිහාසයේ වැඩිම පිරිසක්‌ ආපු මැයි රැළිය මේකයි. ගිය පාර මැයි රැලියෙන් අපි ආණ්‌ඩුව දණ ගැස්‌සුවා. මේ පාර ආණ්‌ඩුව බඩගාවන යුගයක්‌ පටන්ගන්නා බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුටත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More