දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිදහස් දින උත්සවයට සහභාගී විය යුතුද නැද්ද යන්න පිළිබඳ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ මත දෙකක් ඉදිරිපත් වී තිබේ.

දොස්තර රාජිත සේනාරත්න හා සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී තිබෙන්නේ තිබෙන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාව සිරගත කිරීම මෙන්ම නැගෙනහිර ජැටිය විකිණීම, මර්ධනය ආදියට විරෝධය දැක්වීම වස් නිදහස් දින උත්සවය වර්ජනය කළ යුතු බවටය.

එහෙත් ඉමිටියාස් බාකීර් මාකර් මහතා ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරමින් නිදහස් දිනය දිනා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බැවින් මෙන්ම සැබෑ නිදහස් දිනය ශ්‍රී ලංකාව ජනරජයක් වූ දිනය බවට කරන මතය පරාජය කිරීම් වස් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස නිදහස් දින උත්සවයට සහභාගී විය යුතු බව ප්‍රකාශ කොට තිබේ.

එහෙත් ඊට පෙර රජයේ මර්ධනකාරී වැඩ පිළිවෙළ පිළිබඳව මෙන්ම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර සජිත් ප්‍රේමදාස මහතා නිදහස් දින උත්සවයට සහභාගි වීම වඩාත් උපක්‍රමශීලී ක්‍රමය බව ද ඉමිතියාස් බාකීර් මාකර් මහතා පෙන්වා දී තිබේ.

එම යෝජනාවට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සියල්ලන්ම සහාය පළ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More