පුරවැසි කොලම

දේශපාළුවන්ට රටක් යනු කිසිදාක කා දමා ඉවර කළ නොහැකි නිධානයකි. එමෙන්ම ධන කුවේරයින්ටද ඇත්තේ එවැනිම නොනිමි ආශාවන්ය. තමන්ගේ ගිණුම් පිරී ඉතිරී යමින් තම පරම්පරා දහසකට වුව සෑහෙන මිළ මුදල් පොදි ගැහුවද තෘප්තිමත් නොවෙති. ලොව ධනවත්ම පුද්ගලයා වීමේ තරඟයට මේ වනවිට ලොව සිටින සියළුම ධන කුවේරයින් තරඟ වදිමින් සිටී.

ඉංදියාවේ ද එවැනිම තරඟයක් ඇත්තේ අම්බානි හා අදානි අතරය. මින් වඩාත්ම අමානුෂික ලෙස තම ධනය එක්රැස් කරන්නා ලංකාවේ නැගෙනහිර ජැටිය හරහා ලංකාවටම කෙළ හලන අදානිය.

අදානිට වටින්නේ මිනිසුන්ගේ කුසගින්න නොව තම ගිණුමය. අදානිට වටින්නේ දුගියන් මොනවා හෝ වවාගෙන කන ඉඩම මිස හාමතේ මියෙන ජීවිත නොවේ. තම ධනයේ බලයෙන් දියත් කළ කප්පරක් කුපාඩිකම් අතරින් එකක් මෙලෙස ලඝු කොට දැක්විය හැක.
.
Godda යනු ඉංදියාවත් බංග්ලාදේශයත් යා කරන දේශසීමාවේ පිහිටි ආදිවාසී ජනයා ජීවත් වන ප්‍රදේශයකි. ගංගා නම් නදියේ ඉවුරු දෙපස වසර දහස් ගනන් තිස්සේ දිවි ගෙවන මේ අහිංසක ජනයාගේ ජීවිත ගැටගැසුනේ පොලොවේ සිටවන බව භෝග වලිනි.

2018 වසරේදී බංගලාදේශ හා ඉංදීය රජයන් සමග ගිවිසුම් වලට එලඹෙන අදානි මෙම මිනිසුන්ගේ නිජබිම් අක්කර 1250 ක් පමණ බළහත්කාරයෙන් ගල්අඟුරු බලාගාර සඳහා පවරා ගත්තේ කිසිදු ගෙවීමක් හෝ වන්දියක් නොගෙවමින් වීම අතිශය කණගාටුවට කරුණකි. Mali, Gangta, Motia and Patwa යන ආදිවාසී ගම්මාන සහමුලින්ම අදානිගේ අයිතියට පවරාගෙන ඇත. එම ගම්මාන වල ජීවත්වූ අහිංසක ගොවි ජනයා අද දවසේ ද උපන්බිමේ බිම්කඩක් අහිමි මිනිසුන් ලෙස දුක්ඛිත ජිවිත ගත කරති.

මෙම ගොවි ඉඩම් පවරා ගැනීමෙන් පසුව අදානිට අයත් ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ ඇති Adani’s Carmichael mine සමාගමට අයත් ගල් අඟුරු ආකර වලින් ටොන් මිලියන 6 ක් පමණ මෙම බලාගාර සඳහා රැගෙනඑයි. ඒ වෙනුවෙන් ඉංදියාවේ ගංගානම් නදියෙන් වසරකට ජල ලීටර් බිලියන 36 ක් පමණ යොදා ගන්නා අතර මෙම පාරිසරික විනාශයේ අතුරු ඵලයක් ලෙස අවට ගම්මාන සිය ගණනකගේ පිපාසය සන්සිඳවූ ජල උල්පත් ලිං මේ වනවිට පතුලටම සිඳී ඇත. එමෙන්ම ජල හිඟය මත වගාබිම් පාළු වී එම ප්‍රදේශයේ ජීවත්වන ගොවියන්ට බොල් අස්වැන්නක් උරුම කර දී ඇත.

මෙවැනිම පාරිසරික විනාශයන් දියත් කරමින් ඔස්ට්‍රේලියාව තුලද ක්‍රියාත්මක වූ අදානිගේ උත්සාහය එරට ගොඩනැගූ STOP ADANI ව්‍යාපාරය දියත් කළ විරෝධතා හමුවේ හකුලා ගත්තද ඉංදියාවේ ආදිවාසි ජනයා ඉලක්ක කර සිදුකළ මෙම අපරාධයන් වෙනුවෙන් හඬ නැගීමට කිසිවෙකු නැත. මානව හිමිකම් සංවිධානද නැගූ හඬ අවසානයේ අදානිගේ මිලියන දෙක තුනකට යට විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More