දේශීය පුවත්

2020 වර්ෂයේදී තමන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රීලනිප මැයි දින රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

තමන්ට රට වෙනුවෙන් සිදු කිරීමට තවත් බොහෝ දෑ ඇති බැවින් 2020 දී තමන් විශ්‍රාම නොයන බව ඒ මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

පසුගිය සමයේ යුද අත්දැකීම් සමඟින් නැවත යුද්ධයක් ඇති නොවෙන්න අපි වැඩ කරන්න ඕනි. ජාතික සමඟිය ඇති කරන්න ඕනි. ඒ සඳහා වෘත්තීය සමිති හා කමිකරු පන්තියට කළ හැකි මෙහෙය විශාලයි. යුද්ධය ඉවරවෙලා අවුරුදු 10 ට ආසන්නයි. අපි ජාතීන් අතර සමඟිය ඇති කරන්න ගොඩක් වැඩ කළා. සැකයෙන් බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය අපි තහවුරු කරලා තියෙනවා.

ජාතික සංහිඳියාව ගොඩ නඟන්න අපි කරපුවා ඇතැම් දේශපාලන කණ්ඩායම් අපහාසයෙන් උපහාසයෙන් විවේචනය කළා. අපි තේරුම් ගන්න ඕනි යුද්ධයෙන් තුවක්කුවලින් ප්‍රශ්න විසඳහන්න බෑ. මනුෂ්‍යත්වයෙන් ඕනි ප්‍රශ්න විසඳන්න. ඒක දියුණු සමාජයක ලක්ෂණයක්. අපි ඒ සඳහා කැප වෙන්න ඕනි. දේශපාන පක්ෂ වගේම දේශපාලඥයින් අවංක වෙන්න ඕනි. ඒක අපි ක්‍රියාවෙන් පෙන්නන ඕනි. බලය ලබා ගන්න නොයෙකුත් අය විවිධ දේ කියනවා මවා පෙන්නනවා. බලය ලබා ගැනීමේ සිහිනවල බොහෝ අය ඉන්නවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More