දේශීය පුවත්

මෑතකදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මෙෂෙල් බැච්ලර් විසින් ශ්‍රී ලංකාවේ රණවිරුවන් සම්භන්ධයෙන් සහ කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහනය කිරිම සම්භන්ධයෙන් රජය ගත් තීරණය විවේචනය කිරිමට එරෙහිව අද කොළඹ එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්‍යාලයට ලිපියක් භාරදෙන ලදි.

මෙහිදි අදහස් දැක්වු දේශප්‍රේමි ජාතික පෙරමුණේ ලේකම් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කලේ රණවිරුවන්ට එරෙහිව කරනු ලබන යුධ අපරාධ චෝදනාත්, කොවිඩ් සිරුරු ආදාහනයට එරෙහිව විශේෂ වාර්තාකරුවන්ගේ වාර්තාවත් එක හා සමාන කිසිදු සාක්ෂ්‍යම පදනමක් නොමැති ගොතන ලද ප්‍රබන්ධයක් බවයි.

මානව හිමිකම් කොමිසම රණවිරුවන්ගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් කරුණු සහිතව ඉදිරිපත් කරන ලද විරුවන්ගේ විත්තිවාචකය මෙන්ම ආදාහනය සම්භන්ධයෙන් ඉදිරිපත් කල රජය පත් කල විශේඥ කමිටුවේ වාර්තාවද සැලකිල්ලට ගෙන නොමැති බව හෙතම පෙන්වා දුන්නේය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලධර්ම උල්ලංඝනය කරමින්  ස්වෛරි රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට අන්තවාදි බලවේග මානව හිමිකම් කොමිසම වෛශ්‍යා වෘත්තියේ යොදවා ඇතැයි ඔහු චෝදනා කලේය. රාජ්‍යයන්ගේ නිදහස් ස්වාධිපත්‍යයට ගරු කල නොහැකි  නම් නිහඬව සිටින ලෙස රටක් හැටියට අප ඉල්ලා සිටිනවා ඔහු ප්‍රකාශ කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More