දේශීය පුවත්

මේ වන විට සමාජ ජාලා මාධ්‍ය හරහා විවේචන එල්ල වෙමින් තිබෙන; තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි ඉන්ද්‍රචාපා අත්තනායක මහත්මියට ලබන පෙබරවාරි 1වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වෙනි ලේකම් ධූරය සඳහා පත්වීමක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදී තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කරන්නේ, තමාගේ දියණියට ලබාදී තිබෙන තානාපති පත්වීම යහපාළන රජය සමයේ ඇයගේ සුදුසුකම් මත 2019 අප්‍රේල් 01 දින කැබිනට් අනුමැතියෙන් ලබා දුන් බවයි.

තවදුරටත් කරුණු පැහැදිළි කරමින් අත්තනායක මහතා සඳහන් කරන්නේ; ව්‍යාපාර පරිපාළනය පිළිබඳ පශ්චාත් උපාධියක් මෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳව හදාරා සුදුසුකම් ලබා තිබෙන සිය දියණියට යහපාළන ආණ්ඩු සමයේ ලබාදුන් එම පත්වීම ජනාධිපතිවරණ නීති රීති මත කල් ගිය බවත්, එම නිසා මෙම පත්වීම මේ ආණ්ඩුව ලබා දුන් නව පත් වීමක් නොවන බවත් පෙන්වා දෙන අත්තනායක මහතා තමාට මඩ ගැසීම සඳහා මෙවන් ප්‍රචාර ගෙන යන බවද පෙන්වා දෙයි.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය දියණියගේ නව පත්වීමට සුභ පැතු බවද අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ පිළිබඳව 2019 ජුලි මස 28 දින සමාජ මාධ්‍ය ජාලයක පළ වූ වාර්තාවක් පහත ලින්ක් එකෙන්
https://www.gossiplankanews.com/2019/07/dulmini-attanayake-foreign-service.html



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More