ස්වභාවික පරිසරය, ජාතික උරුමයන් ඇතුළු රටේ වටිනා සම්පත් විනාශ කරමින් සිදුකරන “පරිහානියක මිත්‍යාවක්” රට “සංවර්ධනය කිරීමක්” ලෙස අර්ථ දැක්වීමට පවතින රජය සහ පැවැති සෑම රජයක්ම සිදු කිරීම රටේ අවාසනාව බවට පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරයි.
නිදහසින් පසු වසර හැත්තෑදෙකක් විවිධ රජයන් යටතේ දූෂිත තත්ත්වයට පත් වූ ශ‍්‍රී ලංකා මාතාව යම් තරමකට හෝ අස්වසාලීමට සමත් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රාජ්‍ය පාලන සමයේදී පමණකැයි ද සඳහන් කළ ඒ හිමියෝ ඇය ජාතිකත්වය පෙරට දමා රට පාලනය කළ “අභීත නායිකාවක” වූ බව ද කියා සිටියහ.
වත්මන් රජය ඉවක් බවක් නොමැතිව වනාන්තර විනාශ කරමින් පවතින බවත්, ඒ වෙනුවෙන් දරන පනත් එහා මෙහා කරමින් “ඊනියා සංවර්ධනයක්” මවමින් රටේ ජනතාව බරපතළ ලෙස මුලාවේ දමමින් සිටින බව ද ඇල්ලේ ගුණවංශ හිමියෝ චෝදනා කළහ.
මෙරට පවතින ගංගා, වැව්, දිය උල්පත් සහ වන සම්පත ද වර්තමානයට දායාද වී ඇත්තේ අතීත මුතුන් මිත්තන්ට පින් සිදුවන්නට බව ද සඳහන් කළ උන්වහන්සේ එවන් සම්පත් කාබාසිනියා කරමින් මුදල් පසුපස පිම්මේ දුවන දූෂිත දේශපාළුවන් සදාකාලිකවම ජනතාව විසින් ප‍්‍රතික්‍ෂෙප කිරීම වැඩි ඈතක නොවන බව ද පවසා සිටියහ.
රට සංවර්ධනය කරනවා කියමින් වසර හැත්තෑ දෙකක කාලයක් ම දේශපාලකයා පවුල් පිටින් සංවර්ධනය වූ බවත්, තමන් වහන්සේ පාසලේදී ඉගෙන ගත් තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රට තවමත් එතැනම පල්වෙවී පැවතීම කෙතරම් කණගාටුදායක තත්ත්වයක් දැයි? විමසා සිටියහ.
ලොව අගනාම ස්වභාව සෞන්දර්ය ඇති රට ලෙස පිළිගැනීමට ලක්ව ඇති ශ‍්‍රී ලංකාවට ස්වභාවික සම්පත සහ ජල සම්පත ආරක්‍ෂා කර ගත හැකි වේ නම් අනාගතයේදී ලෝකයටම වතුර විකුණා ධනවතකු විය හැකිව ඇතැයි ද පැවසූ ඇල්ලේ ගුණවංශ හිමියෝ එය සාක්ෂාත් කර ගැනීමට කළ යුතුව ඇත්තේ “චින්තන විප්ලවයක්” පමණකැයි ද වැඩිදුරටත් කියා සිටියහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...