දේශීය පුවත්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍යය රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් හාෂිම් මොහොමඞ් රූමි යන මහත්වරුන්ට එරෙහිව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් ‘සුදු වෑන්’ භාවිත කරමින් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට වෙස් මාරු කරගත් පුද්ගලයන් දෙදෙනකු යොදවා අසත්‍ය ප‍්‍රකාශ මාධ්‍යයට නිකුත් කිරීම ඇතුළු අධිචෝදනා 14 ක් යටතේ පවරා ඇති නඩුව විභාගයට දින නියම කිරීම පිණිස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ඊයේ (29 ) නියෝග කරණු ලැබුවේ මාර්තු 2 වැනිදා කැඳවීම් කරණු ලබන බවටය.

එහිදී විනිසුරුවරයා විසින් ප‍්‍රධාන පෙළේ රූපවාහිනි මාධ්‍ය ආයතන හතරකට නියෝග කරණු ලැබුවේ,
එකී මාධ්‍ය හමුවට අදාළ ප‍්‍රවෘත්ති පටිගත උපකරණ හා එකී සී. ඞී. පට විත්තියේ නීතිඥවරුන්ට නැරඹීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සම්බන්ධිකරණය සිදු කරන ලෙසත් පැමිණිල්ලට නියෝග කරණු ලැබුවේය.

පැමිණිල්ල වෙනුවෙන්. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ ගෞරි තවරාසා මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ ධනරාජ් සමරකෝන්, ජනාධිපති නීතිඥ කේ. වී. තවරාසා යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More