දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා හිටපු පළාත් සභා මන්ත‍්‍රී රවිහරන් ඇතුළු විශාල පිරිසක් මුලතිව් කුරුඳුමලේ පුරා විද්‍යා කැණීම් සිදු කෙරන ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවීමට පෙරේදා (28) දින උත්සාහ කළ අවස්ථාවේදී එම කැණීම් සිදු කෙරෙන ප‍්‍රදේශයේ ආරක්ෂාව භාරව සිටින යුධ හමුදා නිලධාරීන් ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දී නොමැත.

පසුව එම පිරිස විදුර වික‍්‍රමනායක මහතාට හා පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට දුරකථන ඇමතුම් ලබා දී අවසර ඉල්ලා ඇතත් යුධ හමුදාවෙන් අවසර ලැබී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාට හා අනෙකුත් දේශපාලනඥයන්ට හා වැදගත් පුද්ගලයන්ට පමණකි. පුරා විද්‍යා නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය හා ඔවුන්ගේ නියාමනය යටතේ මේ පිරිස කැණීම් සිදුවන ස්ථානයට ගොස් කපුරු දල්වා ආගමික වතාවත්වල නිරත වී ආපසු පැමිණ තිබේ. පසුව පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කොට ඇත්තේ හින්දු ජනතාවට අයත් ස්ථානයක් බලහත්කාරයෙන් බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හඳුන්වා පුරා විද්‍යා නිලධාරීන්ගේ හා යුධ හමුදාවේ සහය මත මුලතිව් පළාතේ සිංහල බෞද්ධ බළය පෙන්වීමට රජය උත්සාහ කරන බවයි.

(දිවයින පුවත් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More