දේශීය පුවත්

පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන නීතිඥ රාසික් නැමැත්තා විසින් පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බව වාර්තා වෙනවා.

පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ජනතාව මේ පිළිබඳව උවහන්සේව දැනුවත් කරන ලදි.

වසර ගණනාවක් පැරණි වෘක්ෂයන්ගේ මුල පොත්ත සුද්ධ කිරීමෙන් විශාල ප්‍රමාණයේ ශාක ගණනාවක් මරා දැමීමට කටයුතු කර ඇති ආකාරයක් මෙහිදී නිරීක්ෂණය විය.

එලෙස විනාශ කරන රක්ෂිත ප්‍රදේශ සඳහා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍ර නිකුත් කිරීමට පවා ක්‍රියා කර ඇති බව මෙහිදී හෙළිවිය. පොතුවිල් ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කල මුෂාරෆ් නැමැත්තා විසින් මෙලෙස බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කල බවත් එම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඥානසාර හිමිට පැමිණිලි කළහ.

බලධාරීන් සමග සාකච්ඡා කර සිදුවෙන විනාශය නැවත්වීමට තමන් වහන්සේ බලාපොරොත්තු වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඥානසාර හිමියෝ පැවසුහ.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More