මේ වනවිට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පෞද්ගලිකකරණය සඳහා ඉඩ නොදෙන සාමුහික අරගලයක් බලවත් ලෙස පෙළ ගැසෙමින් තිබියදී එහි දිශානතිය දුර්වල කිරීමේ ක්‍රමවේදයක් ආණ්ඩුව ඉදිරියට ගැනීමට නියමිත බව වාර්තා වේ.
මෙහි එක් පියවරක් ලෙස ‘නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂිත ආයෝජකයන්ට කොළඹ කොටස් වෙළඳපොළ හරහා ඊට ප්‍රවේශවීමට හැකිවන යෝජනාවක්’ පෙබරවාරි 1 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය කැබිනට් සංදේශයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමේ අදහස වන්නේ මේ වනවිට ඉන්දිය ව්‍යාපාරික අදානිට අයත් සමාගමක් වරාය පර්යන්තය අත්පත් කරගන්නා බවට පළවන ජනප්‍රිය විරෝධය හරහා ආණ්ඩුවේ අරමුණ ඉටුකර ගැනීමටය.
වරාය සේවකයන් විසින් විරෝධය ගොනුකර ඇත්තේ කිසිදු සමාගමකට පැවරීම වෙනුවට වරාය අධිකාරිය සතු දේපළක් ලෙස මෙම අගනා ආර්ථික සම්පත පවත්වා ගෙන යමින් ලාභ ඉපදවිය හැකිවීම නිසාය. ආණ්ඩුව විසින් කොටස් මිලදීගැනීම හරහා යාම සිදුකිරීමට යෝජනා කරනු ඇති බවත් වරාය අධිකාරියට කොටස්වලින් 15%ක් තබා ගනිමින් ඉතිරි 85% ජෝන් කීල්ස් සමාගම, ජපන් හා ඉන්දිය සමාගම් වලට මිලදීගැනීමට හැකි සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට නියමිත බවත් දැනගන්නට ඇත.
මේ අතර ආණ්ඩුවේ වෙනත් පාර්ශ්වයක යෝජනාවක් ලෙස නැගෙනහිර පර්යන්තය නොව, බටහිර නව පර්යන්තය ඉදිකිරීම හා පවත්වාගෙන යාම ඉන්දිය සමාගමකට පැවරීමේ යෝජනාවක්ද ඉදිරිපත්කර ඇත. මෙය දැනට ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්ද ප්‍රකාශයට පත් කළ අදහසකි. මේ ආකාරයට වරාය විවිධ විදේශික සමාගම්වලට හෝ දේශීය සමාගම්වලට විකිණීමෙන් රාජ්‍ය දේපලක් ලෙස ආදායම් ඉපදවිය හැකි අවස්ථා ගිලිහී යාම වරාය සුරැකීමේ අරගලයේ ප්‍රධාන පදනමය.
එම අදහස වෙනුවට ආයෝජන හරහා සංවර්ධනය කිරීම ලෙසින් වචන හරඹයක් තුළින් විකිණීම නීත්‍යානුකූල කිරීමට ආණ්ඩුවේ මෙම නූල් සූත්තර ගෙන නු ලබන බව පැහැදිලිය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...