නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා සියලූ ජාතීන්ගේ හා සියලූ දේශපාලන පක්‍ෂවල සහයෝගය අවශ්‍ය නම් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරන ලෙසත් එසේ කරන්නේ නම් සමගි ජන බලවේගය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා සම්බන්ධ වන බවත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
තවදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මහතා මෙසේද පවසයි.
‘‘රජය විසින් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා නව කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුව සඳහා සමගි ජන බලවේගයේ යෝජනා ලබාදෙන ලෙස ආරාධනා කර තිබෙනවා. අපේ ස්ථාවරය තමයි රජයට හිතවත් නීතිඥ මහත්වරුන් මෙම කමිටුවට පත් කරගෙන ව්‍යවස්ථාවක් හදන්න බෑ. මේ නීතිඥ මහත්වරු සමග අපේ ගැටලුවක් නෑ. නමුත් නව ව්‍යවස්ථාවක් සකස් කරනවා නම් රටේ ඉන්න සියලු ජන කොටස්, සියලු දේශපාලන පක්‍ෂ ඒකරාශී කරගෙන මේ කටයුත්ත කරන්න ඕනේ.එම කාර්යය කරන්න නම් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කළ යුතුයි. මොකද පාර්ලිමේන්තුවේ සියලු ජාතීන්, සියලු පක්‍ෂ ඉන්නවා. සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් රජයට ලිපියක් මගින් දන්වා සිටිනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...