දේශීය පුවත්

එදා බණ්ඩාරනායක අගමැතිවරයා ජීවිතය පූජා කරලා රැකගත්ත කොළඹ වරාය චීනයට හෝ ඉන්දියාවට හෝ කිසිවකුට බිලි නොදී දිවි හිමියෙන් රැකගත යුතු බවත් කොළඹ වරාය ආර්ථික මර්මස්ථානයක් වගේම ජාතික වස්තුවක් ද වන බැවින් එය රැකගත යුතු බවත් හිටපු ඇමැති ඩියු ගුණසේකර මහතා ඊයේ (28 ) දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණසේකර මහතා මෙසේද පැවසීය.

ඉන්දියාවේ ප‍්‍රාන්ත 25 ම ගොවීන් අද ප‍්‍රධාන නගරයට එනවා. උද්ඝෝෂණය කරනවා ‘අම්බානිට’ හා ‘අදානිට’ එරෙහිව. ඒ දෙන්නගෙන් එක්කෙනකුටයි අපේ ආණ්ඩුව වරාය දෙන්න යන්නේ. මෝදි අගමැතිවරයා වරාය ගන්න අදානිව නම් කරලාම එවලා තියෙනවා. ඉන්දියාව ඇමෙරිකාවත් සමග අද සෘජුවම සම්බන්ධ වෙලා. නොබැඳි ව්‍යාපාරයෙන් වෙන්වෙලා ඉන්දියාව ඇමෙරිකාව සමග අධිරාජ්‍යවාදී ගමනක් යන්න හදනවා. ඒ නිසා මේ තත්ත්වයට ඉඩ නොතැබිය යුතුයි.

අපගේ පරමාධිපත්‍ය ප‍්‍රකාශ වෙන්නේ වරාය හා ගුවන්තොටුපළ තුළින් රට ඇතුළේ මොන ආයෝජනයක් කළත් අපට ප‍්‍රශ්නයක් නැහැ. වරාය හා ගවන්තොටුපළ අප රට සතුවම පැවැතිය යුතුයි. වරායේ ආයෝජනය කරනවා කියන්නේ වෙනස්ම තත්ත්වයක්. ඉංගී‍්‍රසින්, පෘතුගීසින්, ලන්දේසින් ලංකාවට ආවෙම වරායන් ගැන බලමින්.

කොළඹ වරාය ජනසතු කරනවා කියමින් 1956 දී බණ්ඩාරනායක මහතා බලයට ආවේ. එය මැතිවරණයේ ප‍්‍රධාන සටන් පාඨයක් වුණේ. බලයට ආවට පස්සේ එය ප‍්‍රධාන ගැටුමක් වුණා. ගැටුමේ නායකත්වය ගත්තේ විමලා විජයවර්ධන මහත්මිය. බුද්ධරක්ඛිත හාමුදුරුවෝ එහි පිටිපස්සේ හිටියේ. හාමුදුරුවෝ කිව්වා වරාය ජනසතු කරනවා නම් මට දෙන්න මම කොම්පැනියක් දාලා හරි වරාය හදනවා කියලා. බණ්ඩාරනායක මහත්තයා බැහැ කිව්වා. මේ වරාය ගැටුම නිසා මහජන එක්සත් පෙරමුණ ඇතුළෙත් කැරැල්ලක් ඇතිවුණා. මන්තී‍්‍රවරු 10 දෙනෙක් විතර පක්‍ෂයෙන් දොට්ට දැම්මා. බණ්ඩාරනායක මහත්තයාව හාමුදුරු නමක් දාලා මැරෙව්වා. බණ්ඩාරනායක මහත්තයගේ ජීවිතය නැති වුණේ මේ වරාය හින්දයි. මේක ආර්ථික වශයෙන් මරමස්ථානයක්. එදා රටේ නායකයා ජීවිතය දීලා වරාය බේර ගත්තේ.

මේක අපේ ජාතික වස්තුවක්. අපේ සටන් බිමක්. වරාය ගැන ගන්න තීරණය ගැන යළිත් සලකා බලන්න කියා අපි ජනාධිපතිතුමාගෙන්, ඇමැති මණ්ඩලයෙන් ඉල්ලනවා. මේක අලූත් තත්ත්වයක්. වරාය, ගුවන්තොටුපළ චීනයට හෝ කාටවත් දීමට අවශ්‍ය නැහැ.

(දිවයින පුවත්පත ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More