වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් භාවිතා කරමින් එන්නත පිළිබඳ ප්‍රමාණවත් පරීක්ෂණ සිදුකර නොමැති වීම හේතුවෙන් වයස අවුරුදු 65 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත නිර්දේශ කළ නොහැකි බව ජර්මානු අභ්‍යන්තර අමාත්‍යංශය පවසයි.
ජර්මානු එන්නත් කොමිසමේ නිර්දේශ අනුව එරට අභ්‍යන්තර අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 65 වැඩි පුද්ගලයන් සීමිත පිරිසක් පමණක් භාවිතා කරමින් ඔක්ස්ෆර්ඩ් එන්නත පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකර ඇති බැවින් 65 ඉක්මවූ වයස්ගත පුද්ගලයන් සඳහා එන්නත නිර්දේශ කිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි.
ඒ අනුව ඔක්ස්ෆර්ඩ් එන්නත වයස අවුරුදු 18 – 64 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් සඳහා පමණක් නිර්දේශ කළහැකි බවයි ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්නේ.
ඉන්දියානු සීරම් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අප රටේ එන්නත් කිරීම මේ වනවිට අද ආරම්භ කෙරුන අතර එම එන්නතේ මාත්‍රා මිලියන ගණනක් ඉදිරියේදී මිළදී ගැනීමට කටයුතු කරමින් සිටින බව එන්නත් සම්බන්ධයෙන් බළධාරියා වන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.
මේ අතර, ඒ සඳහා කෝටි ගණනක ණය ලබාදීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සූදානමින් සිටින බවට ද වාර්තා පළවේ.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...