කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට ලබාදීමට පක්ෂපාතීව රජයේම යම් යම් පාර්ශවයන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණු පාර්ළිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතාගෙන් ඊයේ (28) දින මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්;
“අපි ජාතික සම්පත් විකුණන්නෙ නෑ කියලා ආපු ආණ්ඩුවක්. අපට එහෙම අයිතියක් නෑ මේවා කරන්න. ඒ නිසා ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් මේ සම්බන්ධයෙන් ජනතාවට කන්දෙන්න”
ඒ ගොල්ලො ඉතිං කියයි. දෙනවාම කියලාත් කියයි. නමුත් ඉතිං ඒවාවල ප්‍රතිඵල අපට භුක්ති විඳින්න වෙයි. මොකද හේතුව, ජනතාව මෝඩ නෑ. ජනතාව මහින්ද රාජපක්ෂ කියන යුද්ධෙ දිනපු ඒ මහා නායකයාව 2015 පැරැද්දුවා. ඊට පස්සෙ අවුරුදු දෙකක් ගියෙ නෑ, යහපාලන ආණ්ඩුව අවුරුදු දෙකෙන් පැරැද්දුවා. ඒ වෙලාවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක හිටියෙත් නෑ. ඉතිං ඒක නිසා එහෙම බලයෙන් ඉදිමිලා, බළයෙන් ඔළුව උදුම්මාගෙන වැඩ කරන්න බෑ” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...