සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ සිට පහළ ශ්‍රේණිවල පොලිස් නිළධාරීන්ගේ උසස් වීම් මාර්තු මාසය වනවිට ලබා දීමට සැලසුම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විශේෂ මණ්ඩලයක් ද පත්කර නිලධාරීන්ගේ උසස් වීම් ලබා දීමට අදාළ මුලික කටයුතු මේ දිනවල සිදුවන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා පවසයි.
මේ අතර විවිධ චෝදනාවලට ලක්ව ඇති පොලිස් නිළධාරීන්ට එරෙහිව පනවා ඇති නඩු විභාග කඩිනම් කරන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද චෝදනාවලට වැරදිකරුවන් වන නිළධාරීන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...