දේශීය පුවත්

මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ යුද සමයේ දී වළදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බව මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.

මුල්ලියාවලෙයි පාසලක ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුත්තක් කරමින් සිටි ඉංජිනේරුවරුන්ට පළමුව කාලතුවක්කු උණ්ඩ කිහිපයක් හමුවී තිබේ. පසුව ඒ බව මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් කාලතුවක්කු උණ්ඩ 6 ක් තිබී සොයා ගැණිනි.

පසුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් කැණීම් නියෝගයකට අනුව යුද හමුදාවේ 592 බලසේනාවේ 9 වන ඉංජිනේරු බළකායේ සහයෙන් මුල්ලියාවලෙයි පොලීසිය ද එක්ව කාලතුවක්කු උණ්ඩ හමු වූ ස්ථානයේ බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් වැඩිදුර කැණීම් සිදු කිරීමේදී මෙලෙස කාලතුවක්කු උණ්ඩ විශාල ප්‍රමාණයක් හමු වී තිබේ.

එහිදී මිලිමීටර් 122 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 36 ක්, 152 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 49 ක්, මිලිමීටර් 152 වර්ගයේ භාවිතා කළ නොහැකි කාලතුවක්කු උණ්ඩ කොපු 110 ක්, ෆියුස් 10 ක්, මිලිමීටර් 122 වර්ගයේ කාට්‍රිජස් 29 ක් මෙලෙස වළදමා තිබියදී සොයා ගනු ලැබීය.

යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂාව සඳහා පාසල් යොදා ගනිමින් පාසල් ආසන්නයේ සිට ආරක්ෂක අංශ වෙතට කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇති අතර එලෙස මුල්ලියාවලෙයි පාසලක ක්‍රීඩාංගනයේ සිට අවසන් යුද සමයේ දී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙතට කාලතුවක්කු ප්‍රහාර එල්ල ස්ථානයක් හා කාලතුවක්කු ගබඩා කල ස්ථානයක් වශයෙන් තිබියදී ආරක්ෂක අංශ ළඟා වන විට මෙම උණ්ඩ වළදමා පලා ගොස් ඇති බවට පොලීසිය සැක කර සිටී.

සොයාගත් කාලතුවක්කු උණ්ඩ අධිකරණ නියෝගයකට අනුව නිෂ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවටද වැඩිදුර පරික්ෂණ සිදු කරන මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

(ලංකාදීප පුවතක් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More