දේශීය පුවත්

කොවිඩ් මර්දන ප්‍රථම එන්නත කොළඹ අයි.ඩී.එච්. රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයකුට අද (29) දින පෙරවරු 8.30ට ලබා දෙන බවත් අයි.ඩී.එච්. රෝහලට අමතරව කොළඹ ජාතික රෝහල, නැගෙනහිර කොළඹ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම රෝහල) යන රෝහල් වලදී මෙම එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

එසේම දළ වශයෙන් රෝහල්වල මුළු කාර්ය මණ්ඩලයෙන් සියයට 25කට පමණ එක් දිනකදී එන්නත් කිරීම කර දින 5ක් ඇතුළත එන්නත් කිරීම සිදුකර අවසන් කරන බවත් අනෙකුත් දිස්ත්‍රික්කවල ඖෂධ ගබඩාවලට එන්නත බෙදාහැරීම අවසන් වූ පසු එම රෝහල් තුළද එන්නත් කිරීම සිදුකරන බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More