කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් සුදත් ද සිල්වා මහතා පවසා සිටියේ කිසිවකුට බලපෑම් කළ නොහැකි පරිද්දෙන් රේගු නිලධාරීන්ට හිමිව ඇති ස්වාධීනත්වය අන්තර්ගත රේගු ආඥා පනත වෙනස් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “රේගුවේ සිටින සෑම දෙනාම දූෂිත නිලධාරීන් නිසා ඒ අය ඔක්කොම එලවලා හෝ හරි දේ කරන බව කීමෙන් වැරදි චිත්ත රූපයක් මැවෙනවා. ඉන්න සියලූ නිලධාරීන් ඉවත්කර ඒ වෙනුවට යොදන්නේ කවුද? ජනාධිපතිතුමාට උපදෙස් දෙන ඇතැම් අය රේගු දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර හරි දේ කළා නම් මේ තත්ත්වය මඟහරවා ගන්න තිබුණා. අපි පසුගිය වසරේ ජනාධිපතිවරයාට යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනා මාලාව කි‍්‍රයාත්මක කළොත් රේගුවට මීට වැඩි උසස් තැනකට එන්න පුළුවන් බවත් දැනුම් දුන්නා. ඒ වෙලාවේ ලලිත් වීරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න එතුමාගේ එකඟතාවක් තිබුණා. නමුත් එහෙටත් නැති මෙහෙටත් නැති 28 දෙනකුගේ කමිටුවක් පත් කරලා සාකච්ඡා කළ නොහැකි තැනකට පත් කළා. එසේ කළේ කවුදැයි ජනාධිපතිවරයා සොයා බැලිය යුතුයි.ඒ කමිටුව රැස් වුණේ එක් දිනක් පමණයි. අපි දුන් යෝජනා මාලාව එතනින්ම නැවතුණා. මේ තත්ත්වයත් සමඟ අපට බියක් තියෙනවා කවුරුන් හෝ පිරිසක් රේගුව ඇතුළට එවලා මෙහි සිටින දක්ෂ නිලධාරීන් එළියට දමලා යම් දෙයක් කරන්න හදනව ද කියලා. එහෙම කරන්න සූදානම් වන පිරිසක් රටේ ඉන්නවා. අද ඕනෑම තැනකට ඇමැතිවරයකුට බලපෑම් කළ හැකියි. නමුත් රේගුවට එවැන්නක් කිරීමට ඔවුනට හැකියාවක් නැහැ. ඒ රේගු ආඥා පනත හරහා රේගු නිලධාරීන්ට දී ඇති ස්වාධීනත්වය නිසා. අපි සූදානම් මේ තත්ත්වය ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්න. අපි අපේ නිලධාරීන් සියයට සියයක්ම හරි කියන්නේ නැහැ. නමුත් බහුතරය ඉතාමත් දක්‍ෂ නිලධාරීන්. අපි ජනාධිපතිවරයාගේ යහපත් දේට එකඟයි. නමුත් මේ පිටුපස සිටින කාක්කන්ට මේ රේගු ආඥා පනත වෙනස් කිරීමට ඉඩදිය නොහැකියි.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...