දේශීය පුවත්

හිජාස් හිස්බුල්ලා පිළිබඳ නඩුව ඊයේ (27) දින විභාග වූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළ සියලු විධිවිධාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයින්ටත් අදාළ වන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමක් සිදු නොවන බවත්ය.

එසේම මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ ආරක්ෂක ඇමතිවරයාගේ රැඳවුම් නියෝගය යම් කිසි පුද්ගලයෙකු කරන ලද වරදක් විමර්ශනය කිරීම සඳහා පමණක් බවත් අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකුට දඬුවම් කිරීම සඳහා නොවන බවත් ය.

හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව අධිකරණයේදී ලබාගත් සියලු ප්‍රකාශ ඇතුළුව සවිස්තර වාර්තාවක් 2021 පෙබරවාරි 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කරන ලදී.

හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක 2020 අගෝස්තු 19 දිනැති නියෝගයකින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට නියෝග කළේ නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධ විමර්ශන ක්‍රියාවලියේදී ලබාගත් සියලු ප්‍රකාශ පිළිබඳ පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. එහිදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙ⁣රෙන විමර්ශන මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණයට යටත් නොවන බවට නීතිපතිවරයා විරෝධය පළ කිරීමෙන් පසු හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අදාළ නියෝගය පිළිපදින්නැයි ඉල්ලා මෝසමක් ගොනු කළහ. හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ විශේෂ නීතිවල ප්‍රතිවිරුද්ධ විධිවිධාන නොමැති නම් අපරාධ නඩු විධාන සංග්‍රහය සෑම විටම අදාළ වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More