දේශීය පුවත්

වරාය වෘත්තීය සමිති 23ක නියෝජිතයින් අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා අද (28) මහනුවරට පැමිණියහ. එහිදී වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදැක වරාය නැගෙනහිර පර්යන්තය ගොඩනැගීම පිළිබඳ ඔවුන් සකස් කළ යෝජනාව උන්වහන්සේ වෙත ඉදිරිපත් කරණු ලැබූහ. එහිදී වරායේ නැගෙනනහිර ජැටිය විකිනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, මෙරට සම්පත් විදේශයන්ට විකිණීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස අතිශය කණගාටුවට පත්වන බව වදාළා සිටියහ.

වරාය වෘත්තීය සමිති නියෝජිතයෝ කොළඔ වරාය නැගෙනහිර පර්යන්තය සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට හැකි බව තහවුරු කරමින් අදාළ යෝජනාවලිය සකස් කර තිබීම විශේෂත්වයකි.

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා එහිදී අදහස් දක්වමින් , “ඉන්දියාව අපිට බලපෑම් කරනවා මේක අදානිට දෙන්න කියලා. මේ රටට අවශ්‍ය ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලයට විනාශවන එකයි මේ වෙන්නේ. මම පොහොට්ටුවේ වෘත්තිය සමිති නායකයා. වරායේ එකිනෙකට වෙනස් වෘත්තිය සමිති 23ක් එකමතයකට ඇවිල්ලා තියෙනවා නැගෙනහිර පර්යන්තය බේරාගැනීමට. කරන්න බැරිවුණොත් මේ රට විනාශයි.” යනුවෙන් පැවසුවේය.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ කරුණු පැහැදිළි කරමින්, “රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ පාලකයන්ට මේ රටේ සුබ සිද්ධිය සඳහා වැඩකරන්න මිස මේ තියෙන මොනවා හෝ කරලා තියෙන දෙයක් විකුණගෙන ඒ කාලෙට ආණ්ඩුව පවත්වාගෙන යන්න නෙමෙයි. ඇත්තටම මේ සම්බන්ධයෙන් ජාතියක් රටක් හැටියට අපිට අතිශය කණගාටුවක් තියෙනවා. . මහා සංඝ රත්නයත් වරාය සේවකයන් ඉන්න්න ස්ථාවරයේම ඉන්නවා,” යනුවෙන් පැවසූහ.

වරාය වෘත්තිය සමිති හෙට (29) සිට අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර තිබෙන බව වරාය වෘත්තීය සමිති නියෝජිතයෝ මහනුවරදී නැවත වරක් තහවුරු කරණු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More