ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් භාවිතයෙන් ඉවත් කරනු ලැබූ දුම්රිය මැදිරි 200 ක් නැවත ප්‍රතිසංස්කරණය කොට ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුමේනියානු මැදිරි 140 හා S8 බලවේග කට්ටල 60 ක් ප්‍රතිසංස්කරණයට ලක් කෙරේ .
මෙම ව්‍යාපෘතියේ මුලු ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 2388 කි.එක් මැදිරියක් සඳහා ඇස්තමේන්තු ගත මුදල ලෙස රුමේනියානු මැදිරියක් සඳහා රුපියල් මිලියන 13.1 හා S8 බලවේග කට්ටල මැදිරියක් සදහා රුපියල් මිලියන 9.1 වේ . මේ වන විට අලුත්වැඩියාවන් සිදුකර රුමේනියානු මැදිරි 138 හා S8 මැදිරි 52 ක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත බාර දි ඇත.
ඉතිරි මැදිරි මේ වර්ෂයේ මැයි 15 දිනට ප්‍රථම අලුත්වැඩියාවන් සිදුකොට දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදිමට නියමිතය.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමටගොඩ අංගනයට ගොස් මෙම ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලූ අතර ඉදිරියේදී තවත් දුම්රිය මැදිරි 100ක් මේ අයුරින් ප්‍රතිසංස්කරණය කිරිම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින් එම කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට කටයුතු යොදන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඇතුලු නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය .
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු, තන්ත්‍රී සමාගමේ සභාපති අතුල හපුතන්ත්‍රී යන මහත්වරුන් ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් සහ තන්ත්‍රී සමාගමේ සේවක මහතුන් ද සහභාගි වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...