2020 මහමැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයෙන් පසුවත් තමන් පක්ෂය සමග රැඳුනේ වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් වන නමුත් මේ වනතෙක්ම ඉදිරි ගමන සඳහා සාධනීය වැඩපිළිවෙලක් හෝ සංවිධානයක් සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂය අපොහොසත්ව ඇති හෙයින් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තමන්ට පිරිනැමූ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධූරය භාරනොගෙන ප්‍රතික්ෂේප කරන බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
මීට පෙර හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා ද තමන් දරණ පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සුදුසු වෙනත් අයෙකුට පවරන්නේ නම් ඊට විරුද්ධත්වයක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණි.
මේ අතර අර්ජුන රණතුංග මහතා සහ නවීන් දිසානායක මහතා ඊයේ (28) දිනයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද කැඳවා ඇතැයි වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...